🍁 No, Please!!

61 21 17
                                    

දෑත් එක්කොට හඬමින්, යදිමින් සිටි Jimin දෙස නෙතගින් බැලූ Mr. Kang Ji Sun හැරී ගියේ ඔහුට තවත් කතා කිරීමෙන් ඵලක් නැති නිසාවෙනි.

Mr. Kang යන දෙස බලා සිටි jimin සුසුමක් හෙලා කාමරයෙන් පිටවූයේ දොර වසා අගුලු දමමින්.

ඔවුන් දෙදෙනා මනාලියගේ පාර්ශවයෙන් සිටින එකම පුරුෂයන් වූ අතර Ji Naගේ මව එම පාර්ශවයෙන් සිටි එකම කාන්තාවයි.

දේවස්ථානයට ළඟා වූ ඔවුහු කාරයෙන් බැස දොරටුව දෙසට සෙමෙන් විනීත ලෙස පියනැගුවේ අවට සිටි පිරිස ඔවුන් දෙස සිනා මුසු මුහුණුවලින් බලා සිටින අතරතුර.

ධවල වර්ණවත් වූ මල්වලින් සරසා තිබූ දේවස්ථානය වෙනදාටත් වඩා දිව්‍යමය ලෙස පෙණුණි. මග දෙපසම විවිධ විලාසිතා වලින් සැරසුණු යුවල් සහ පවුල් රැස්ව සිටියෝය. Ji Naගෙ උස, සුදු පැහැ, අලංකාර, ඇයගේ පපු ප්‍රදේශය නිරාවරණය වූ ඇය හැඳ සිටි මංගල ඇඳුම කාගෙත් සිත් ඇදගන්නකි.

ඇය සෙමින් සෙමින් ඇයගේ අනාගත ස්වාමිපුරුෂයා සහ පූජකයා කරා ඇදු⁣නේ අවට සිටි පිරිසට පෙනෙන ලෙස මෘදු සිනා රැල්ලක් මුව අග තියාගෙනයි.
Ji Na ඇගේ පියාගේ අත වටා ඇගේ අත පටලවාගන්නවාත් සමඟම ඇයට අනෙක් පසින් වූ Jimin ඔහුගේ අත Ji Naගේ අනෙක් අතෙහි පටලවා ගත්තේය.
Ji Na සහ Mr. Kang පුදුම වී බලා සිටියත් කිසි දෙයක් නොවූ ආකාරයෙන් Jimin ඔවුන් දෙස බලා සිනාසුණේ පිරිසට පෙනෙන්නට බව නිසැකයෙන්ම කිව හැකියි. එමෙන්ම ඉදිරිය බලා ගමන ආරම්භ කළ Jimin තදින් Ji Naගෙ අත අල්ලාගත්තේ ඇයට ඔවුන් ඉදිරියේ සිටින රාක්ෂයා වෙත යාමට ඉඩ නොදෙන ලෙසිනි. Ji Na ඇයගේ ප්‍රියතම පුද්ගලයා තමාව මෙලෙස රැගෙන යාම පිළිබඳව ඇය පසු වූ⁣යේ ඉමහත් සතුටකිනි.
නමුත් කෙමෙන් කෙමෙන් ඔවුහු මනාලයා දෙසට ළඟා වෙද්දි Ji Naගේ වත නැවතත් පෙර මෙන් අඳුරු වුණි.

රාගය පිරුණු දෙනෙතින් බලා සිටි පුද්ගලයා ඔහුගේ අත දිගු කොට ඇයගේ අත ගැනීමට දණින් නැමී අවසර ගත් අතර Ji Naට එය⁣ට බෑ කීමට නොහැකි වූයේ ඔවුන් දෙස දිදුලන දෙනෙත් සහ සිනාවකින් යුතු මුහුණු පෙළක් ඇය⁣ට පසුපසින් සිටින නිසාවෙනි. එමෙන්ම ඇයට සිතුනේ මෙම විවාහය තමා ඉදිරියේ දණින් නැමී සිටින තමන් මෙන් දෙගුණයක් පමණ වයසැති තම අනාගත ස්වාමිපුරුෂයාගේ සියවෙනි විවාහය වේ යැයි කියා සිත යටින් නෝක්කාඩු ස්වරයෙන් සිනාසෙමිනි.
ඇය අත දිගුකොට අකමැත්තෙන් වුවද මනාලයා ඇයගේ අත අල්ලා නැගී සිට පූජකයා දෙසට හැරුණි.

🍁My Trustee🍁|| PJM Short Story || (COMPLETED✅)Onde histórias criam vida. Descubra agora