Chapter 09

339 92 16
                                    

"ඉතින් ඊට පස්සේ..?"

යුමී ඇස් බෝල දෙක ලොකු කරමින් ඇහුවා.

"එයා ගියා. ආපහු හම්බෙයි කියලත් කිව්වා. එයා නිතරම වගේ අපේ කැෆේ එකට එනවලු. ඒ වෙලාවකදි මම අර කෝල් එක ගැන අහනවා."

මම යුමීට අද වුණු දේවල් ඉතා කෙටියෙන් විස්තර කරේ ඉක්මනට හොද නින්දක් දාන්නයි.

"ආහ් ඔයා නම් ඩී! තාම ඒක අමතක කලේ නැද්ද? හැබැයි බලන්න එයා හරි හොදයි වගේ. මට හිතෙන්නේ නෑ අපිට කෝල් කරල තර්ජනේ කරන්න ඇත්තේ එයා කියලා."

යුමී එයාගේ කම්පැනි එකෙන් හදන්න දුන්නු වාර්තාව හදන එක පැත්තකට දාලා කල්පනා සාගරේක ගිලෙන්න ගත්තා. එයාගේ කල්පනාවට බාධා නොකර මම හෙමීට මගේ ඇදේ දිගා වුණේ යුමීගේ කට හෙලවෙන්න කලින් ඉක්මනට නිදා ගන්න ඕනි කියන අරමුණින්.

ඇදට දිගා වුණු ගමන් මම බෙඩ්ෂීට් එක පොරවන් ඇස් දෙක වහ ගත්තා.

ඒත්......

මගේ නින්දටයි යුමිගේ කල්පනාවටයි බාධා කරමින් කෙනෙක් අපේ දොරට තට්ටු කලා.

යුමි ඉක්මනට මං දිහා බැලුවේ ඒ කවුරු වෙන්න ඇත් ද කියලා එයාගේ ඇස් වලින් ඉගි කරමින්.

මම, 'ගිහින් දොර ඇරලා බලන්න' යැයි හිසින් යුමීට සංඥා කරේ ඇදේ නිදා ගෙන ඉද්දිමයි. යුමි එයාගේ වාර්තාව ලියන එක නවත්තලා පුටුවෙන් නැගිටලා අපේ නිදා ගන්න කාමරෙන් පිටත් වුණා.

මම ඇස් දෙක පියාගෙන හොදින් ඇහුම්කන් දී ගෙන හිටියා. යුමි අපේ සාලයට ගිහිං දොර ඇරලා කාත් එක්කද කතා කරන සද්දයක් ඇහුණා. මම තවත් හොදින් ඇහුම්කන් දුන්නේ එයාලා කතා කරන්නේ මොනවද කියලා හරියටම දැන ගන්නයි. ඒ එක්කම යුමි දොර වහන සද්දෙ ඇහුනත් පස්සේ මුලු පරිසරයම නිශ්ශබ්ද වුණා වගේ වුණා. යුමි ගෙදරට ආපු කෙනත් එක්ක එලියට ගිහිං වගේ.

යුමි දන්න අදුරන කෙනෙක්වත් ද? ඒත් මේ වෙලාවේ? මොකක්ද දන්නේ නෑ ප්රශ්නේ? මම හිතින් කියෝ කියෝ හිටියා.

විනාඩි දෙක තුනකට පස්සෙත් යුමිගේ සද්දයක් නැති නිසා මම දොර ඇරන් කාමරයෙන් එලියට ආවා.
මම කෝරිඩෝ එකේ දෙපැත්තෙම බැලුවා. ඒත් යුමි පේන්න හිටියේ නෑ. මම දොර වහන් කොරිඩෝව දිගේ යද්දිම එක කාමරයක දොරකින් යුමියි කොලනිය අයිතිකාර වයසක ආච්චියි එලියට ආවා. මම ඉක්මනට එතනට ගිහින් යුමිගේ උරහිසින් අතක් තිබ්බා.

Desires Will Hurt  [COMPLETED]Where stories live. Discover now