11📖️

3.4K 492 22
                                    

______________________________________

"..I am sorry if i hurt you but i want you to know this.. I love you.. I really really do.."
______________________________________

මාස හයකට පසු වර්තමානය..

Xiao Zhan P.O.V.

තත්පර මිනිත්තු වෙද්දී මිනිත්තු පැය වෙද්දී පැය දවස් වෙද්දී දවස් සති වෙද්දී සති මාස වෙද්දී මටත් නොදැනීම මාස හයක් ගෙවිලා ගියේ ඇහිපිය ගහන වේගෙන්..

ඒ වුනාත් එයාගෙන් වෙන් වෙලා ගෙවුන මේ මාස හය මට දැනුනේ හරියට අවුරුදු හයක් වගේ.. මේ කාලෙ පුරාවටම මගේ හිතින් සියදහස් වාරයක් මම මැරි මැරී ඉපදුනා..

ඇයි මම එහෙම කරේ..

මගේ අක්කාට ඇස් ඇරලා මේ ලෝකෙ දිහා බලන්න උදව් කරපු මට වචනෙකින් වරදක් නොකරපු එයාට ඇයි මම එහෙම කරේ..

මම මොනතරම් ඒ ගැන හිතුවාත් මං වගේම මගේ හිතත් දන්නවා ඇයි මම එහෙම කරේ කියලා..

මට සමාවෙන්න යීබෝ.. ඒත් ඒ වෙලාවේ මට වෙන විසඳුමක් තිබුණේ නැහැ..

අපි දෙන්නා එකට ගෙව්වෙ පොඩි කාලයක් වුනාත් මුලු ජීවිත කාලෙම ජීවත් වෙන්න මට ඒ මතකෙ හොඳටම ඇති..

එදා මට ඒක තේරුනේ නෑ තමයි ඒත් ඔයාගෙන් ඈත් වෙලා ගෙවපු මේ මාස කීපයෙ මං තේරුම්ගත්තා මම ඇත්තටම ඔයාට ආදරේ කරනවා කියලා..

ඒ වුනාත් හිත හදාගෙන ආපහු මට ඔයාගෙ ඇස් ඉස්සරහට එන්න බැහැ.. සමහරවිට ඔයා දැන් මට වෛර කරනවාත් ඇති..

ඔව්.. ඒ වගේ දෙයක් කරාට පස්සෙත් ඔයා කොහොමද මට සමාවදෙන්නෙ.. මම ඔ..............

"ZhanZhan.." Lu jie කතා කරනවා ඇහෙද්දී මම කල්පනා ලෝකෙන් මිදුණා..

"Jie.." මම ඇහුවේ මවාගත්ත හිනාවකින් එයා දිහා බලන ගමන්..

"මම දැන් ගොඩක් වෙලා ඉඳන් බලාගෙන ඉන්නෙ.. කිරි වීදුරුව අතේ තියාගෙන කල්පනා කරනවා මිසක් බොන පාටක් නම් නෑ.. ZhanZhan මට කියන්න මොකක්ද ප්‍රශ්නේ.. මාස හයකට කලින් හැමදෙයක්ම අත්ඇරලා ඔයා මාවත් අරන් chongqing ආවා.. මෙහෙට ආපු දවසෙ ඉඳන් ඔයාගෙ හිනාව නැති වෙලා ගිහින්.. මට ඇත්ත කියන්න.. මම accident වෙලා හොස්පිට්ල් ඉන්නකොට මොකක්ද සිද්ද වුනේ.. ඇත්තටම ඔයා කොහෙන්ද ඔපරේෂන් එකට ඕන සල්ලි හොයාගත්තෙ.." මගේ ළඟට ආපු අක්කා ඇහුවේ කනස්සල්ලෙන් වගේ..

His Sugar Daddy (Yizhan)✔️Where stories live. Discover now