Chapter 01

679 137 20
                                    

Jungkook POV

කොහේ ගියත් මට එයාගේ ආරක්ශාවට ඉන්න ඕන වුනා .
මට එයාව බලාගන්න ඕන වුනා.
හේතුවක් ඇතුව .
මොකද එයා මගේ හොදම යාලුවා නිසා.
එයාට හිටියේ මම විතරක් නිසා..

එයා ගන්න හැම තීරණයකදි මම හැමතිස්සෙම එයාගේ පිටිපස්සෙන් හිටියා .
මොකද මට බයයි ඒ තීරණ හොද එකක් නොවෙන නිසා.
අදත් මට හොරෙන් එයා තීරණයක් අරන්
මේ ජන්ග්කුක් එනකම් ඉන්න බැරි වුනාද ඒ ලොකු තීරණය ගන්න තරම් .

ලයිබ්‍රි එකට ඉස්සරහ තිබුනු බිල්ඩින් එකට හැමෝම පිරිලා හිටියේ එයා පල්ලෙහාට පනිනකම් වෙන්නැති.

" තමුසෙලාට තාමත් මගේ ජීවිතේ විහිලුවක්ද ?"

බිල්ඩින් එක උඩ ඉදන් කෑගහලා එයා කියද්දි පල්ලෙහා හිටපු සීනියර්ස්ලා හැමෝම හයියෙන් හිනා වුනා .

" තමුසේ ආසයි නම් මැරෙනවා කොටෝ . මොකද කොල්ලා බෑ කිව්වද ?"

සීනියර්ස්ලා හයියෙන් කෑගහලා කියද්දී මම බිල්ඩින් එක උඩ ඉදන් එලියට කකුල තියාගෙන ඉන්න එයාගේ දිහා බැලුවේ එක සැරයක් හරි මගේ දිහා බලනකම් .

මේ හැම දෙයක්ම වෙන්න මමත් හේතුවක් නිසා මට තවත් එයා දිහා බලන් ඉන්න බැරිව ගියා .
මමත් දුවලා ගියේ එයා ඉන්න තැනට .
සමහර විට මම එනකම් බලන් ඉන්න තැනට වෙන්නැති ..

එයා
ජිමින්
පාක් ජිමින්

තනියම හැදුනු .
තමන්ට කියලා කාත් කවුරුවත් නැති
ගොඩක් අහිංසක හුරුතල් කොල්ලෙක්
ඒ නිසාම එයාට හැදුනු කතාත් වැඩියි.
හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්නත්
මාත් එක්ක විතරක්ම එයා එකට නැත්නම් කතා කරපු නිසාත් වෙන්නැති එයාට එහෙම කතා හැදුනේ.
මටත් එක්කම

" කොලු කපල් එක "

හැමෝම වෙනස් කෝනයකින් අපි දිහා බලද්දී අපි දෙන්නගේ කෝනෙන් බලන්න ඒ අය පුරුදු නොවෙන්න ඇති.

ඒ නිසාම ජිමින් අද මේ වගේ තීරණයක් ගන්න එක ගැන මට හේතු කියන්න තියෙන්නෙත් නැතුව ඇති.

පඩිපෙල උඩ වැටෙන්න හැදුනත් මගේ කකුල් දෙක මට වඩා එතනට වේගෙන් දිව්වේ ඇයි කියලා මම දන්නෑ.
මට ඕන වුනා ජිමින් ගත්ත තීරණේ වෙනස් කරන්න.
කතා කරලා හැම දෙයක්ම හරිගස්සන්න.

Rumors || Jikook || [ Completed ] Where stories live. Discover now