Chapter 05

508 138 83
                                    

අවුරුදු කිහිපයකට පසු .

Jimin POV

හැමදෙයක්ම අමතක කරන්න මම ඇමෙරිකා ගියේ මගේ ජීවිතේ වෙනස් කරන්න.
නොහිතපු විදියට මමත් මැරි කරේ ඒ හැම මතකයකින්ම ඈත් වෙන්න ඕන වුනු නිසා.
ඒත් අදටත් ජන්ග්කුක් ගැන මගේ හිතේ තියන අදහස මට තවමත් නැතිකරගන්න බැරි වුනේ ඇයිද කියලා මම දන්නැහැ.

ආයෙත් සුපුරුදු විදියට ජන්ග්කුක් නුයි මායි අවුරුදු තුනකට විතට පස්සේ හම්බවුනත් ජන්ග්කුක් දැනටමත් තාත්තා කෙනෙක් වෙලා හිටියා.
එයාවගේම
එයාගෙම රූපෙ තියෙන පොඩි කොලු පැටියෙක් ජන්ග්කුක් ට දැන් ඉන්නවා

එයා සතුටින් එයාගෙ පවුලත් එක්කම හැමදාම.

අපි දෙන්නා අවුරුදු ගානකට පස්සේ හම්බවුනු නිසාම මම ඩිනර් අවුට් එකකට එලියට යන්න කතාකරේ ජන්ග්කුක් ගේ පවුලත් මගේ පවුලත් අදුර ගන්න ඕන වුනු නිසා.

අපි හැමෝම එකම ටේබල් එකක් වටේට වාඩි වෙලා හිටියේ හරිම සතුටින්. කොච්චර වුනත් මට ජන්ග්කුක් දිහා නොබලා ඉන්න බැරුව ගියා.

ටික වෙලාවකට පස්සේ අපි දෙන්නම බැල්කනි එකට ආවෙ නිදහසේ කතා කරන්න .

Author POV .

ජන්ග්කුක් වගේම ජිමිනුත් දෙන්නමගෙම පවුල්වලින් ඈතට පොඩ්ඩක් ආවෙ ඒ දෙන්නට කතා කරන්න ඕන වුනු නිසා.
දෙන්නම බැල්කනි එක ලගට ආවත් දෙන්නම රෑට ලස්ස්නට පේන සෝල් නගරය දිහා බලන් හිටියා . කිසිම කතාවක් නැතුව.

" අහ්ම්... "

ජන්ග්කුක් කතා කරන්න පටන් ගත්තේ දෙන්නගෙම නිහඩ බව බිද දමලා.

" දෙයක් කියන්නද ?  හොදින් අහගෙන ඉන්නවනම් . "

ජන්ග්කුක් කතාකරත් ජිමින්ගේ කට එක සැරයකටවත් හෙල්ලුනේ නැහැ.

" මමයි කලින්ම ඔයාට ආදරේ කරේ. ඔයාටත් කලින් . ඔයාට ඒ වගෙ හැගීමක් දැනෙන්න කලින් . අපි දෙන්නටම හොරෙන් ඔයාට කැමති වුනේ මමයි. සමහර තීරණ අපිව වෙනස් කරනවා. මගේ තීරනෙත් වෙලාවකට එහෙම වෙන්නැති. අපි අපෙන්ම.වෙන් කරන්නැති. අපි දෙන්නගේ යාලු කම නැති කරන්නැති. අපි දෙන්නවම නැති කරන්න ඇති. අපි දෙන්නවම අඩවන්නැති. ඒත් අද අපි සතුටින්ද ? ඔව් අපි දෙන්නම අපේම ජීවිතයක් දැන් ගෙවනවා ආදරේ එක්කම. ඔයාට හිතෙනවා ඇති ජිමින් මම ආදරේ කරලත් ඇයි මෙහෙම කරේ කියලා. අපිට සම්මතයක් වෙන්නැති ඒත් මේ හැම දෙයක්ම සමාජෙට අසම්මතයි. ඔයාමයි මේ හැමදෙයක්ම බොරු කියලා කෑගැහුවේ . ඔයාමයි මේ හැමදෙයක්ම මෙහෙම නෙවෙයි කියලා ඇඩුවේ. ඔයාමයි මට පස්සේ ආදරේ කරන්න ගත්තේ. ඒත් මම හැමදාම ඒ දිහා බලන් හිටියා විතරයි ජිමින්.
මම ගත්තු තීරණය අපි දෙන්නටම වේදනාවක් වේවි ඒත් අද ඔයා සතුටින් මමත් සතුටින්. ඔයා කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. අද මමත් එහෙමයි. ඉතින් ආදරේ කරන්න ආදරෙයි කියලා කියන්නම ඕනද ජිමින්."

ජන්ග්කුක් එකදිගට කියලා ඉවර වුනාම.කොල්ලා බැලුවේ ජිමින් දිහා.
ජිමින් තාමත් සෝල් නගරය දිහා බලන් ඉන්නවා.
ආයෙත් අලුත් නිහැඩියාවක්
ජිමින්ගෙර් හෙමීට ඉකි ගහන සද්දේ විතරයි ඇහෙන්නේ

" වැස්සට මමත් වෛර කරා ජන්ග්කුක් . අපි දෙන්නව ඈත් කර්පු නිසා. මතකද ඔයා කිව්වා වැස්ස හැමදෙයක්ම ඈත් කරනවා කියලා. ඉතින් අපි දෙන්නවත් වැස්ස ඈත් කරා. ඒත් දැන් හිතෙනවා වැස්ස ඒ හැමදෙයක්ම කරේ හොදට කියලා . මගේ වගේම ඔයාගෙත්. මම දුර්වලයි ඔයාට තරම් ශක්තිමත් හදවතක් මට නැහැ. දරාගන්න බැහැ.  හැම දේකටම මම ගැහීම් මුල් කරගන්නවා . මට ඒ දේ පාලනය කරගන්න අමාරුයි . දැන් මට සැනසීමක් දැනෙනවා. ගොඩක් ලොකු සැනසීමක්. මම දන්නෑ හේතුවක්. නෑ මම දන්න්වා ඒ ඔයාගේ අදහස වචන මට කිව්ව නිසාම මම සැනසීමක් ලබනවා ජන්ග්කුක් . "

ජිමින් කියලා ඉවර වුනාම ජන්ග්කුක් නුත් හේත්තු වුනේ බැල්කනි එකේ වැටට.
හැමදාම බලන් ඉන්නැති දෙන්නම
ආදරෙයි කියනකම්
ආදරේ ලැබෙනකම්
ඒත් මොනවම හරි දේකට සීමා වෙන්නැති ඒ දෙන්නගෙම ආදරය.
ඉතින්
ඒ ආදරය
ඒ දෙන්නම විදීවි
වචනයෙන් නොකිය.

කලබලකාරී සෝල්.නගරය දිහා  බලාගෙන ඉදපු ජිමින්ගේ අතකින් ජන්ග්කුක් තමන්ගේ අතින් අල්ලගත්තේ හෙමීට වැටෙන වැහි පොදවල සීතල දෙන්නම විදගනිමින්.....

නිමි.

" ආදරෙයි " නොකිය
ආදරේ විදින්න...

_______________________________________

Author Note

ඉතින් කතාව අවසානයි.
වැස්ස මම කතාවට සම්බන්ද කරේ මම මේක ලියනකොට හෙමීට වැස්සද කොහෙද ?ඒක නිසා තමයි .

ඉතින් සමාජෙ මේවගේ අය ගොඩක් ඇති ආදරෙයි නොකිය ආදරේ විදින අය. ඒය හැමෝම වෙනුවෙන් මේක පොඩි බලාපොරොත්තුවක් වේවි .

ඉතින් කතාව ලිව්වට අදහස JinNu97 අක්කගේ.
ඒ අදහස නිසා ලිව්වේ.
අක්කා තරම් හොදට මට මේක දෙන්න බැරුව යන්නැති. එච්චර සුදුසුකමක් මට නැති නිසා. ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරලා කතාව දුන්නට.

මම බලාපොරොත්තු වෙනවා හැමෝගෙන්ම අදහසක්..

©T-hyungkook

You've reached the end of published parts.

⏰ Last updated: Apr 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Rumors || Jikook || [ Completed ] Where stories live. Discover now