Chapter 2

32 6 1
                                    

Jungkook pov...

හොටෙල් එකට ඇවිත් මම වොශ් එකක් දාගෙන කෙලින්ම ඇදට වැටුනේ අද පාරේ හම්බුන අර කෙල්ල ගැන කල්පනා කරන ගමන්...
මටවත් හිතාගන්න බෑ එයාව දැක්ක වෙලාවේ මම මොනාද ඒ හිතුවේ කියලා,
ඒ වෙලාවේ මට හිතුනේ එයාගේ ඒ ඇස් මට කතා කරනවා කියලා ඔව් ඒ ඇස් හරි ම ආදරණීය විදියට මට කතා කරා,
ජිවිතේ පලවෙනි වතාවට කවදාවත් කතා කරලාවත් නැති කෙල්ලෙක්ව මම අද ආරක්ෂා කරා, කරාමත් නෙමේ මගේ හිත එහෙම කෙරෙව්වා, එයාව දැක්ක වෙලාවේම මට හිතුනේ මෙයාව රැකගන්න ඕනේ කියලා ඒත් ඇයි? මොකටද කියන්න මට කිසිම උත්තරයක් නෑ... සමහරවිට එයාගේ ඇස් වල තිබුන කදුලු නිසා වෙන්න ඇති...
සේවොන් එක්කවත් පලවෙනි බැල්මෙන් මට මෙච්චර දේවල් හිතෙන්න නැතුව ඇති, සමහරක් විට මට එහෙම හිතෙන්න ඇත්තේ අර වින්ඩ් කැචර්ස් ටික හෙල්ලුනා නිසා වෙන්න ඇති...

" ඒත් මගේ හිතේ පොඩි ආසාවක් තියෙනවා මෙච්චර මගේ හිත එක සැරෙන් කලබන්න පුලුවන් උන ඒ ගැනු ළමයාව තව එකසැරයක් හරි හම්බෙන්න... "

මම මාත් එක්කම හිමිට කතා කරගත්තේ එයාගේ රූපේ මගේ මනසේ ඇදෙද්දි...

Suki pov...

මම ආපූ ගමන්ම ඇදුම් මාරු කරන් ඇදට පැනලා සුපුරුදු පරිදි 4න් එක අතට ගත්තේ වට්පැඩ් පැත්තේ රවුමක් ගහලා යන්න උනාත් එකසැරේටම මට මතක් උනේ අර ගොනිබිලි කොල්ලාව,
ඒ එක්කම මම ආපහූ ඔලුව උස්සලා එයා දුන්න ජැකට් එක දිහා බලලා ආපහූ ඔලුව කොට්ටෙන් තියාගත්තේ මූනට පොඩි හිනාවක් වැටෙද්දිමයි...
බොරු කියන්න ඕනී නෑනේ එයා හැන්ඩ්සම්, මූන හරියටම පෙනුනේ නැතත් එයා හොද හිතක් තියෙන කොල්ලෙක්...
මට ඒ මූන හොදට දැකලා පුරුදු උනාත් ඒ කවුද කියන්න මට හිතාගන්න බෑ... ඒ එක්කම මාව ගැස්සිලා උඩ ගියේ මගේ පොත් මේසේ එලාර්ම් එක මට පාඩම් කරන්න එන්න කියලා කෑ ගහද්දි...

ඉතින් මම ෆෝන් එකත් ඇදේ දමලා ගහලා ගිහින් එලාර්ම් එක ඕෆ් කරාත් ඒත් එක්කම මගේ අත ගියේ මගේ පොත් මේසේ පොඩියට ප්‍රේම් කරලා මම තියාගෙන ඉන්න ෆොටෝ එකට...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Oct 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Heartbeat... |JJK* Where stories live. Discover now