😎13🖤

236 29 0
                                    

නිව් pov.

ඇවිදලා ඇවිදලා ගියාට මොකද කෑම කන එකටත් කරේ රණ්ඩු වෙන එක. ශොපින් ගියාට මගුල අරක එපා මේක එපා. ශියා....

"අපි අයිස්ක්‍රීම් කන්න යමුද?" ටේ කිව්වා
"මොකො දැන් මේ ඔයා කවදාවත් අයිස්ක්‍රීම් කාපු කෙනෙක් නෙවෙනෙ ටේ..."
"නා නා යමුකො... ඔයා අද කේන්තියෙන් උදේම අයිස්ක්‍රීම් නොකෑව නිසා කියලා මගෙ හිත කියනවා."
"කටවහ ගන්න ටේ. ඔයා තමා මේවට මුල..."
"ඔය ආයෙත් බනිනවා..."
"අනික ඉන්න. මම ඩ්‍රයිව් කරන්නම්. ඔයා එක්ක මම ගියොත් මට වෙන්නෙ මැරෙන්න..." කා එකෙ කී එක මම අරගෙන ඩ්‍රයිව් සීට් එකට ගියා. මේ වේලාවට බැංකොක් වල තියෙන්නෙ එසෙ මෙසෙ ට්‍රැෆික් එකක් නෙවේ... හ්හ්හ්හ්හ්හ් මට හරි කේන්ති...

"හීන්... හීන්න්...." එහා පැත්තේ ඉදන් ටේ කෙදිරි ගානවා.
"ඇයි..."
"අපි මගෙ ගෙදර යමු අද රෑ නිදා ගන්න..." මගෙ අතේ එක එක හැඩ අදින ගමන් ලැජ්ජාවෙන් කියනවා.
"ඔයාට පිස්සුද අම්මලා සැක හිතයි"
"නා නා නාආආආ. මම අම්මව ශෙප් කරන්නම්..."
"හැබැයි නිදාගන්නවා විතරයි වෙන මුකුත් නෑ..."
"කවුද වෙන ඒවා ඕනෙ කිව්වේ. ශියා හීන් ඔයාගෙ හිත හරි කැතයි..."
"මගෙන් අහගන්න එපා..."
"ඔයාට බැරිද මාත් එක්ක ටිකක් හුරතල් වෙන්න.. ගහන්නමයි කතා කරන්නෙ..."
"මේ ට්‍රැෆික් අස්සෙ මගුලක් කියවන්න එපා ටේ..."

දෙතුන් පාරක්ම ටේ ෆෝන් එක කට් කරනවා කියලා මම දැක්කා. ආයෙ කවුද කියලා අමුතුවෙන් මට කියන්න ඕනේ නෑනේ... මුකුත්ම නොකියා මම ටේ ගෙ ගෙදරට කාර් එක යූ ටර්න් එකෙන් ගත්තාම ටේ ගැස්සිලා මගෙ දිහා බැලුවා.

"මට මහන්සි..." මම පහත් හඩකින් කියද්දී ටේ දැනගත්තා මම අප්සෙට් එකෙන් ඉන්නෙ කියලා. මට ගෙදර පාස්වර්ඩ් එක දීලා එයා කොහෙද ගිහින් එන්නම් කියලා ගියා... අපේ අසම්මත ආදරේ අනියම් වෙලා කියලා හිතට එද්දී දැනෙන්නෙ කියන්න බැරි කොටු වුන දුකක්.

වොශ් එකක් දාලා ටේගෙ පිජාමා එකක් ඇදගෙන මම ඇදේ නිදා ගත්තා.

"හීන්... හීන්...." හෙමින් කන ලග මුමුණ මුමුණ ටේ මගෙ තොල් වලට කිස් දෙනවා

"ම්ම්ම්..."
"අහන්න ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගෙනාවා. තව චොකලට් පුඩින් එකකුයි අර පැණි රස වැඩි කේක් එකකුයි..." පොඩි එකෙක් වගෙ මූණ ඇඹුල් කරන් ටේ කියද්දී කම්මුල් දෙක අල්ලලා මිරිකන්නමයි හිතෙන්නෙ...

You make my heart smile 🖤😎 (Complete)Where stories live. Discover now