පාටි එක පුරාම ජෝස් මගෙ වලිගෙ වගෙ. වේලාවකට හෙනම ඇණයක්... මම off ගෙන් උදව් ඉල්ලුවත් මේ මිනිහා එක දෙක කරනවා. මරු පෙන්ග්...
"ටේ මෙහෙ එන්නකෝ..." ජෝස් කෑ ගහද්දී මම එතනට ගියා. බලද්දී වයින් ෂෝට් එකක් දෙන්නා එක්ක බොන්න. දස විලි ලැජ්ජාවයි කෙල්ලෙක් කතා කරා නම් අනිවා අවුලක් නෑ. පොළව oපලාගෙන ගිනි කදු පාත් වුනා වගෙ මේක නම්.. වට පිට බලලා මම ලව් ෂෝට් එකක් ගද්දී මෙන්න මේ යකා කම්මුල කිස් කරා... යන එනමන් නෑ කියපන්කො සිරා
"වාව් පෙන්ග් කොහොමද ලව් කපල් එකට..." මම ස්ටේජ් එකෙන් බැහැලා එද්දී off නෝන්ඩි දානවා අම්මපා මූව.... ගහන්න කියලා මම යද්දී කාපට් එක පැටලිලා වැටෙන්න ගියා මගෙ ලගම තිබ්බ වයර් එක පැටලිලා ලස්සනට තිබ්බ වෝටර් පොන්ට් එකෙ ලයිට් නිවිලා නිකන් මල ගේ වගෙ වෙනවා තප්පරේට මම දැක්කා මම දැන් හොම්බ බිම ඇනගෙන ෆුල් නෝන්ඩියක් වෙන්නෙ...
"ටී...." කවුද මන්දා කෑ ගහනවා ඇහෙනවත් එක්කම මට නිකන් ඔක්කොම අදුරු වෙලා වගෙ දැනුනා.
සද්දෙ එක්ක දාඩියත් දාද්දී මම නැගිටලා බැලුවාම ලග හිටියෙ ඔක්කොම හිටියා එත් new නෑ. ශීයා ඇයි එහෙම වෙන්නෙ මටම...
"කවුද මාව අල්ලගත්තේ..."
"P'new" gun මට කියද්දී ආයෙත් මම වටේම බැලුවා.
"කෝ දැන් එතකොට එයා..."
"එයා ගෙදර ගියා."
"ඉතින් පෙන්ග් ඔයාට එයාට තැන්ක්ස් කරන්න විදියක් නෑනේ... නම්බර් එකක්වත්.."
"කමක් නෑ.."
"Tay ඇත්තටම ඔයා new එක්ක සම්බන්ධයක් නැද්ද? ඔයාලා ඉස්සර වගෙ නෑ. අදත් ඔයාව අල්ලලා ඔක්කොම හදලා එයා යන්න ගියා." නම්ටන් කිව්වේ ඇත්තටම දුක් වෙනවා වගෙ...
"කමක් නෑ එයාට දැන් අපි දෙන්නගෙ ශිප් එක මාර්කටින් කරන්න ඕනේ නෑ... එයාට කෙනෙක් ඉන්නවා...""ඉතින් පෙන්ග් ඔයාව මම ගිහින් දාන්නම්... කමක් නෑ නේද ශෝටි..." off එහෙම කියලා gun බැලුවා.
"හා පපි... පරිස්සමෙන්..."Off එක්ක මම ගෙදර යන්න කාර් එකට නැග්ග ගමන් මිටි මොලවලාම උරහිස් වලට ගහගෙන ගහගෙන ගියෙ ඇයි යකෝ මූ මාව මැරුවා නම් මීට හොද නැද්ද?
"ටේ ඔයා කරපුවට ඔයාට රිටන් එක මම දුන්නෙ... මාව පාවා දුන්නා මමත් පාවා දුන්නා..."
"මගුල... දැන් බලපන් ජෝස් හිතන්නෙ මොකක්ද කියලා..."
"ඕහෝ... ඒ ගැන වධ වෙනවද?"
"මගෙන් අහගන්නෙ නැතුව ඉක්මනින් යමන්..." නුහුරු විදියට මම සද්දයක් නැතුව හිටියා. ඇත්තටම මට හෙන අවුල් ප්‍රශ්න වැලක මම හිටියෙ....
YOU ARE READING
You make my heart smile 🖤😎 (Complete)
Romanceඉදහිට ඇවිත් යන්න නොදැක මට ඔබ පාලුයි...