chapter 32

614 141 37
                                    

🐱 ඩොක්ටර් සේරිට කොහොමද ??

හොබිගේ මරණය ගැන ආරංචි උන ගමන් යූන්ගි එතනින් ඉක්මනට ආවේ සේරි හම්බුවෙන්න.. මොකද එයා හොදටම දැනගෙන හිටියා සේරි මේක දැන ගත්ත ගමන් හැසිරෙන විදිය දන්න නිසායි..ඒත් යූන්ගි එන්න ටිකක් පරක්කු වැඩි...යූන්ගිගේ ඇස් ඉස්සරහමයි සේරි කලන්තේ දාලා වැටුනේ..දැන් වෝර්ඩ් එකට දාලා පැයක් වගේ වෙනවා..ඩොක්ටර් දැන් තමයි සේරිව චෙක් කරලා ආවෙ..

💊 congratulations මිස්ටර් මින්..ඔයා ආයි සමෝච්චන් කෙනෙක් වෙන්න යන්නේ

🐱 මෝ ?? 😳

💊 සේරි ප්‍රෙග්නන්ට් මිස්ටර් මින්..එයාට සිහිය නම් ආවා..ඒත් එයා මුකුත්ම කතා කරේ නෑ..ඔහේ බලාගෙන ඉන්නවා..මන් හිතන්නේ එයාට තාම හිතා ගන්න බැරුව වෙන්න ඇති එයා ප්‍රෙග්නන්ට් කියන එක..ඔයා ගිහින් කතා කරලා බලන්න..මිස්ටර් හෝසියෝක්ට මාත් විශ් කලා කියන්න..

ඩොක්ටර් එහෙම කියලා යූන්ගිගේ පිටට තට්ටුවක් දාලා ගියත් යූන්ගිට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි උනා..අමාරුවෙන් උනත් හිත හදාගෙන සෙරිව බලන්න යූන්ගි වෝර්ඩ් එක ඇතුලට යනකොට දැක්කේ ඔහේ බිත්තිය දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න සේරිව..

🐱 සේරියා..

යූන්ගිගෙ කටහඩ ඇහුන ගමන් සේරි කිසිම හැගීමක් නැති කෙනෙක් විදියට යූන්ගිගේ දිහා හැරිලා බැලුවා.

🐱 සේරි මන්...

🌹 ඒක බොරු නේද ඔප්පා..මගේ හොබිට මුකුත් උනේ නෑ නේද..

🐱 මට සමාවෙන්න සේරි..ඔයා ඉන්න තත්ත්වේ එක්ක මෙහෙම කියන්න උනාට...ඒත්..

🌹 කමක් නෑ ඔප්පා..මට ටිකක් තනියම ඉන්න ඕන.

🐱 ඒත් සේරි..

🌹 ඔප්පාට පුලුවන් නම් රූහිව යුන්හි එක්ක තියලා ජිමින් බලන්න..කුකීටයි ටේටයි කියන්න පොඩ්ඩක් ජිමින්ව බලන්න කියලා..

🐱 එතකොට ඔයා ??

🌹 මන් ගැන බය වෙන්න එපා ඔප්පා..මන් හොදින්.. මට ටිකක් තනියම ඉන්න ඕන..

🐱 හ්ම්..මන් ජින්ට කියන්නම් ජිමින්ව ගෙදර අරන් යන්න කියලා..දේහි රූහිව යුන්හි එක්ක අරන් යයි..මන් එලියෙන් ඉන්නම්..ඔයා ගෙදර යනකොට එන්න..මන් එක්කන් යන්නම්..

 Mafia Daddy || Completed ✔️✔️Where stories live. Discover now