ඉක්මනට ඇද පැලද ගත්ත මන් එලියට බැස්සෙ ටේහ්‍යෝන්ග් වගේම ජන්ග්කුක් මෙහේ පදිංචියට එන්න කලින් ජීවත් වෙලා හිටපු අල්ලපු ගමට පිටත් වෙන්න.
ස්කෝලෙන් අස් වුනාට පස්සෙ තමා ඒ දෙන්නා මෙහේ ඇවිත් තිබුනෙ.
ටේහ්‍යෝන්ග් ට වගේම ජන්ග්කුක්ටත් වැදගත් පවුල් පසුබිමක් තියෙන්න ඇති කියලා මන් අනුමාන කරේ ජන්ග්කුක්ගෙ ඩයරියෙ තිබුන දේවල් වලින්... මොනවා උනත් ඒ පවුල් දෙකෙන්ම ඒ දෙන්නව ප්‍රතික්ශේප උන එක ගැන නම් මගෙ හිතේ තිබුනෙ කනගාටුවක්.. අඩුම තරමෙ එක පවුලකින් වත් ඒගොල්ලොන්ව පිලිගත්තා නම් අද ඒ දෙන්නා මේ වගේ තත්වයකට පත් වෙන්න ඉඩ නොතිබෙන්න තිබ්බා....
"එක්ස්කියුස් මී....
"මට දැනගන්න පුලුවන්ද ජියෝන් ජන්ග්කුක් ගෙ ගෙදර තියෙන්නෙ කොහේද කියලා......."
අවන්හලකට ගොඩවැදිලා රාමෙන් එකක් කන ගමන් මන් ඇහුවෙ කඩේ අයිතිකාරයගෙන්... බැලූ බැල්මට ඔහු මැදිවයස් පුද්ගලයෙක් උනා....
" ජන්ග්කුක් ??? මහත්තයා කතා කරන්නෙ ජියෝන් පවුලෙ ජන්ග්කුක් ගැනද? අර තරුන හාදයා????"
" ම්ම්ම් ඔව්.... එයා ගැන තමා...."
" මහත්තයා එයාගෙ කවුද ? "
මා දිහා සැකෙන් බලන ගමන් ඔහු වට පිට බැලුවෙ වටේ පිටේ කිසිවෙක් අපේ කතාවට් කන් නොදෙන බව සැක හැර ගන්න...
" අහ්.. මන් එයාගෙ යාලුවෙක්... මන් මෙච්චර කල් ජපානෙ හිටියෙ.. ලගදි තමයි කොරියාවට ආවෙ.. ඉතින් එයාව හම්බෙලා යන්න හිතුනා....."
කටට ආපු බොරුවක් ඉක්මනට කියලා දාපු මන් තාත්වික රංගනයක යෙදෙන්න පටන් ගත්තා...
වාහ් ජිමින්... ඔයාගෙ ඇක්ටින් නම් සුපිරියි.... මාද්‍ය වාර්තාකාරයෙක් නොවී නලුවෙක් වෙන්නයි තිබ්බෙ ඔයාට. එහෙනම් මෙලහකට ඔස්කාර් සම්මාන ලාභියෙක්.....
YOU ARE READING
BINARY PLEione ✨
Fanfiction#SINHALA FF/සිංහල I love like you have never loved before.. I'll do that for you & I do love you..... KIM TAEHYUNG!!! After all this, we are still together right?? From now on & forward no matter what happens to us...
