PART 04

1.7K 366 14
                                    

ජන්කුක් ඉක්මනින් කිම් කම්පැනි එකට දුවගෙන ගියේ එයාට තව විනාඩි 10ක කාලයක් විතරක් ඉතුරුවෙලා තිබුනෙත්.බිල්ඩින් එක කොච්චර ලොකු උනත් , ලස්සන වුනත් එයාට ඒක ගැන බලන්න බැරි උනේ වෙලාවට කෑම ටික ඩිලිවරි කරගන්න බැරි උනොත් එයාට එයාගෙ පඩිය හම්බවෙන්නෙ නැති වෙන නිසා.

"10වෙනි තට්ටුවට යවන්න" තවත් සේවකයෙක් දුන්නු පොඩි කොල කෑල්ලේ තිබුනු විදිහට එයා ලිෆ්ට් එකෙන් 10වෙනි තට්ටුවට ගියා.

ජන්කුක් 10වෙනි තට්ටුවට ගියා. දවල් කෑම වෙලාව නිසා ගොඩක් වැඩ කරන අය ඕපදූප කතාකරමින් හිටියා.

 කෑම ඇනවුම් කලේ කවුද කියල දන්නවා උනත් ඒවා කාටද දෙන්න ඕනි කියලා ජන්කුක් දැනගෙන හිටියෙ නෑ.

"හෙලෝ?" ජන්කුක් කිව්වා. ඒත් එච්චර ලොකු තැනක එයාගෙ චූටි කටහඩ කාටවත්ම ඇහුනේ නෑ. ඒ නිසා ජන්කුක් ආයෙමත් කතා කලා.ඒත් කාටවත්ම ඇහුනේ නෑ.

ජන්කුක් කලබල විය.ඇස් දෙකේ කදුලු පිරී ගියේය. ඔහු කුමක් කළ යුතුද?

"හේයි... මේ බලන්නකො කවුද මෙතන ඉන්නෙ කියලා?" කවුරුහරි කියනවා ඇහුන නිසා ජන්කුක් ඒ පැත්ත බැලුවේය.

එතන හිටියේ ගෑණු කෙනෙක්. heavy make up එකකුයි tight skirt එකකුයි ඇදගත්ත කෙනෙක් හරියට නිකන් fanfiction එකක ඉන්න කෙනෙක් වගේ.එයා කෝපි කෝප්පයකුත් අතේ තියාගෙන ජන්කුක් දිහා අප්‍රසන්න බැල්මක් හෙලීය.

"ඇයි ඔයා වගේ ජරා ඩිලිවරි කොල්ලෙක් මෙතන කරන්නෙ?"ඇය ඇසුවා.

ඇයගේ වදන් ජන්කුක්ගේ සිත රිදවීය."හෙලෝ..මම කේට් කියලා කෙනෙක්ව හොයනවා.එයාගෙ ඕඩර් එක තමයි මන් ගෙනාවෙ." ජන්කුක් කිව්වේ එයාගෙ අතේ තියෙන බෑග් එකත් පෙන්නමින්.

"මමයි කේට්!"ඇය කිව්වේ කට කොනින් හිනාවෙන ගමන් ය.

ජන්කුක්ගේ ඇස් සතුටින් දිලිසුනි."මෙන්න ඔයාගෙ කෑම එක!" ජන්කුක් හිනාවෙලා ඇයගේ අතට බෑග් එක දික් කලා.

ඇයගේ මනසේ ඇදුනු කපටි සහගත දේ නිසා කට කොනින් හිනාවීගෙනම,"ඒනම් අතනින් කෑම එක තියන්නකෝ"

✔✔CRY BABY |TaEkOoK|  Sinhala Translation✔✔Donde viven las historias. Descúbrelo ahora