1. Welcome to Sin city

49 7 4
                                    

ඇස් ඉස්සරහට වෙන්න ටිකක් දුරින් එක එක හැඩ වලින් උඩට විදපු වතුර පහලට වැටෙනවා ඇය බලන් හිටියේ තමන්ගේ කොන්ඩේ ඒ නිල් පැහැති වතුර පිසගෙන ආපු සීතල හුලග එක්ක පොර බදිනකොටයි.

කීප සැරයක්ම තමන් කන පිටිපස්සේ සීරුවට රදවපු කොන්ඩ කෑලි හුලග නිසා එයාගේ ඇස් කන්නාඩි දෙක අස්සෙනුත් ඇතුලට ඇවිත් වගේම තොල් වලටත් ගොඩක් කරදර කරපු නිසාම ඇය තමන්ගේ කෝට් සාක්කුවේ තිබුනු කොන්ඩාබූල අතින් එකතු කරගත්තු කොන්ඩෙට දාලා බැන්දත් ඒක ඕනවට වඩා තද නොවෙන විදිහට ආයේමත් අතෙන් හරිගස්සගත්තා.

"What brought me here?"

"අනේ මේ කෙහෙල්මල් බාශාව, දැන් මගේ හිත කතා කරන්නෙත් ඉන්ග්‍රීසී"

ඇය ඇයෙගේ හිත එක්කම පොර බදින්න ගත්තේ මීට දෙදිනකට පෙර ඇයට එක පාරට ඇතිවුන සිතුවිල්ලට හේතු හොයන්නයි.

දෙයක් ඇයගේ හිත ඇතුලෙන්ම හිතුනොත් අනිවාරෙන් කරන ගතිගුනය එයාව විශේෂ කරන එක හේතුවක් උනා.

City of second chances...දෙවෙනි අවස්ථාවක් ඇති නගරය...හේතුවක්, කිසිම අරමුණක් නොදැනද මෙහි ඒමට තරම් ඇගේ සිතට පහලවුන සිතුවිල්ල ශක්තිමත් වීමට හේතුව පිලිබඳ ඇය පසුවූයේ කුතුහලයෙනි.

දැන් පැය දෙකක සිට එකම ප්‍රශ්නෙට පිලිතුරු සෙව්වද ඇයට අවසානයේ ලැබුනේ උගුරටම දැනෙන බඩගින්නක් වගේම තෙහෙට්ටුවක්ම පමණි.

"හැමදේම සිද්ද වෙන්නේ හේතුවකට..."

තමන්ගේ හිත ඉස්සරහා වෙහෙසට පත්වෙන හැමවෙලාවකම වගේ අදත් ඇය ඇගේ එකම නිදහසට කාරණය ගෙනාවේ සුසුමක් හෙලමිනි.

තවත් මොහොතක්වත් අපතේ නොයා Bellagio හෝටල් සංකීර්ණය ඉදිරිපිට ඇති අලංකෘත කෘතිම ජල නිර්මාණයට මුහුන පා සිටි ඇය ඇගේ පය ඉක්මන් කලේ ඉවසාගත නොහැකි බඩගින්නම හේතුවක් කරගෙනයි.

මීට අවුරුදු ගනණාවකට පෙර බඩගිනි නොදැනී දිනක් දෙකක් සිටි ඇයගේ මෙම බඩගින්න ඔප්පු කලේ නියම වේලාවට ආහාර නොගෙන සිටීමට නොහැකි තරම් ඇය ඇගේ ජීවිතේ හැඩගස්වා ගෙන ඇති බවයි.

සාර්ථකත්වය...

ඔව් මේ වෙනකොට ඇය එහි හිනිපෙත්තටම ගොස් එහි ප්‍රතිඵල ස්වාධීනව භුක්ති විදමින් සිටින්නියක්...

තමන්ට සිතුනු පමාවින් ඈ ජීවත් වූ රට Canada වේ සිට United State හී Las vegas වෙත පැමිනීම ඇගේ සාර්ථකත්වය ඔප්පු කිරීමක් විය.


𝕊𝕖𝕔𝕠𝕟𝕕 ℂ𝕙𝕒𝕟𝕔𝕖Where stories live. Discover now