පැය බාගයක් ගත උන තැනදිත් ඔහු මග බැලුවේ කවුරුන් හෝ ඔහුගේ හෝ ඇයගේ දින පොත සොයා නැවත පැමිනේයැයි බලාපොරොත්තුවෙනි.
දකින්නකුගේ සිත නතර වන තරම් කඩවසම්බාවයකටද ඔහු හිමිකම් කීවේය.
නිකැලැල් සම, අවුල් වූ කලුකෙස්, හැද පැලද සිටි ඇදුමින් ඉස්මතු වූ සෞන්දර්යාත්මක පෙනුම ඔහුට ගෙනා පරිපූර්ණත්වය ඕනෑම කෙනෙකුගේ විනිශ්චයට භාජනය වූවේ ඔහු සත්‍යක්ද එසේත් නැතිනම් ඉටි රුවක්ද යනුවෙනි.තව දුරටත් එතැන් රැදීමට නොහැකි ඔහු තම අතැති දුඹුරු පැහැති දින පොත දෙසත් තම අත බැද ඇති ඔරලෝසුව දෙසත් වරින් වර නෙත් හෙලුවේ එයට කුමක් කල යුතුද යන්න සිතමිනි.
අවසානයේ හිත එකග කරගත් ඔහු එයත් රැගෙන එතනින් පිට වූයේද සැලකිල්ලෙනි.
තම නවාතැනට පැමිනි ඔහු නානකාමරය වෙත ඇදුනේ වෙනදා මෙන්ම බොහෝ වේලාවක් එහි කාලය ගෙවා දැමීමේ අදිටනිනි.
පරිපුර්ණත්වය...
කලකට පෙර ඔහු එයට හිමිකම් කී සැටි නැවතත් ඔහුගේ මනසට සෙමින් දෝලනය වීමට පටන් ගත්තේ සෙමින් ඇගට වැටුනු උණු දිය පහස නිසාවෙනි.
අදුරු මතක තව දුරටත් ඔහුට වේදනාවක් නොගෙනාවේය. මේ වන විටත් එයින් ඕනවට වඩා ඔහු පදම් වී සිටි ඔහු සතු වූයේ හිස්බව හා කලකිරීම පමණි.
"ආ...හ් කෝ මේක"
අවුල් කර ඇති ඇඳ උඩට වැටුනු ඇය තම දෙඅතින්ම හිසකෙස් ඇදගන්නට වුවා.
මේ වනවිටත් උඩුයටිකුරු වී ඇති අති සුඛෝපබෝගී හෝටල් කාමරයත්, ඇගේ කලබලයත්, නැති වී ඇති දෙය ඇයට කෙතරම්නම් වටිනවාද යන්න ඕනවටත් වඩා සාක්ශි සැපෙව්වා.
බිම වැටී තිබූ කබාය ඇහිදගත් ඇය ඉක්මනින් කාමරයෙන් පිටතට ආවේ තමා ආ ගිය සියලු තැන් වලට ගොස් කෙසේ හෝ එය සොයාගන්නා අරමුණිනි.
මන්ද එය ඇගේ ජීවිතයේ කොටසක් එයම වූ නිසාවෙනි.
![](https://img.wattpad.com/cover/307891603-288-k181097.jpg)
YOU ARE READING
𝕊𝕖𝕔𝕠𝕟𝕕 ℂ𝕙𝕒𝕟𝕔𝕖
Fanfictionඅවසානයේ ඔබේ දෘශ්ඨිකෝණයෙන් ඔබ අත්විදින්නේද ඇයගේ හැගීම්ම නොවේද....