3.Teared Love

20 4 13
                                    

🖋 තවත් එපා හිනැහෙන්න අමාරුයි මට දරාගන්න

        අනාගන්තුක කදුලු මැද්දෙන් තව දුරටත් හුස්ම රඳවගන්න.....

"මොකක් එයාගේ හිනාවට මෙයාට ඇඩෙනවා"

ඔහු තම දිගැති දබර ඇඟිල්ල හා මහපට ඇඟිල්ල ආදාරයෙන් යමකින් තෙත් වී පසුව වේලී ගිය යැයි කිව හැකි එහා පිටුව පෙරලුවේ කුතුහලයෙනි.

🖋   නෑ ඔබ නවතන්න එපා,

        ඔබ හිනා විය යුතුයි, ඔබ සිනහවක් ලැබීමට සුදුසුයි

        මගේ කදුලු ඔබේ හිනාවේ වටිනාකම කියනව ඇරෙන්න එයින් ඵලක් වේද      කාට හෝ

       එහෙත් ඔබේ සිනහව තව කීදෙනෙක් සතුටු කරවනව ඇතිද මා හැරෙන්න.

ඔහු තම අතැති පොත මතට තමන්ගේ පොත් සලකුණු ඇතුල කර නමා මේසය මතින් තැබුවේ දිගු කල්පනාවකට අතපොවමිනි.

තද දුඹුරු පැහැයෙන් යුතු එම දින පොතේ අඩක් ඔහුගේ සිත එක් එක් හැඟීම් වලින් පුරවා ඔලුව වියවුල් කර තිබුනේ නොසිතූ අයුරෙනි.

අනුන්ගේ දේවල් හොරෙන් බලන එක මහත්මා ගතිගුනයක් නොවන බව දැන දැනත් ඔහු ඒම දිනපොත බැලුව එක ගැන දැන් ඔහුට තියෙන්නේ පසුතැවිල්ලක්ද එහෙමත් නැතිනම් සතුටක්ද යනුවෙන් තක්සේරු කරගැනීමට නොහැකි තරම් ඔහු එම දින පොත තුල අතරමන් වී සිටියේය.

🖋 ආදරය

      සමහර අයට විඳීමක්

     සමහරක් අයට විඳවීමක්

     ඒත් විඳවමින් විදින ආදරයක් ඔව් මන් කරන්නේ එහෙම ආදරයක්.

     විශ්වාස කරන්න බැරි ඇත්ත ඒකයි,

සතුටක් නැතුව ආදරේ විඳින්න බෑ කියලා හැමෝම කිව්වට මන් වින්ඳා

අයිතියක් නැතුව ආදරේ විඳවන්න බෑ කියලා හැමෝම කිව්වට මන් විඳෙව්වා.

ඒකයි මන් මගේ  කඳුලු ආදරේ ආශ්චර්යයක් කියන්නේ

ඔහුගේ දෑසින් වැටුනු කදුලැලි දින පොතේ තවත් එක් පිටුවක් තෙත් කලා, මන්ද ඔහුත් ඒ ආශ්චර්යය දැන් දැන් විඳිමින් සිටින නිසාවෙනි.

මේ තරම් ආදරයක් ලබන්න සුදුසු උන පුද්ගලයා ගැන ඔහුට ඇති උනේ කුතුහලයක්, ඒ විතරක්ද නෑ.

 ඔහුට විශාල දුකක් ඇති උනා.

 ඔහු එවැන්නක් ලැබීමට සමත් නොවූ හෙයින් ඒ දුකම වෙන්න ඇති ඉරිසියාවකට පෙරලෙන්නත් ඇත්තේ, මන්ද යත් දැන් දැන් ඔහු දිනපොතේ නන්නාඳුන අයිතිකාරියගේ නන්නාඳුනන ආදරය බලාපොරොත්තු වන බැවිනි.

ඔහු ඔහුගෙන්ම මේ වෙනස පිලිබද විමසුවා.

"නෑ මම කවදාවත් බලාපොරොත්තු උනේ මේ වගේ ආදරයක් නෙවෙයි"

ඔහු ඔහුට දැනුනු හැඟීම් තමන්ගෙන්ම හන්ගන්න විසල් උත්සහයක යෙදුනා.


Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Jul 17, 2022 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

𝕊𝕖𝕔𝕠𝕟𝕕 ℂ𝕙𝕒𝕟𝕔𝕖Tempat cerita menjadi hidup. Temukan sekarang