උදෑසන වැටෙන ලා හිරු කිරණ කැකිරිෆෝලියා ගම් පලාතේ පොලෝ තලය සිපගන්නා මොහිතේ පංචකල්‍යාණයෙන් ඌන වූ නාරි දේහය වනමින් ඉදිරියට ඇදුනේ කොම්පකැකිරි ජනපදයේ යක්ඛ පුතණු වන ජනපද කල්‍යාණ සීලපාල නොහොත් ඔලි ලන්ඩනුයි . ගමේ ඇඹල සංගමයේ සභාවතිව සිටින ඔහුට නැත්තේම සීලයයි .
අහෝ දුකකි , ඔහු දිනක් සුපුරුදු පරිදි වත්ත පහල වැවට ගියෙ ගමේ සිටි නාඹර කුලුදුල් කැකුලියන්ගේ සුමුදු සුකෝමල මෙව්වා ටිකක් බලාගැනීමටයි .එතනදී ඉතා වාසනාවන්ත ලෙස ඔහුගේ පුන්සද ලෙස ඔහු සිතූ නමුත් සැබවින්ම බ්‍රහස්පති වන් මුව කමලට සොදරිගේ බැල්ම වැටුනි .. එදා පටන් ඔහුගෙ මුහුණ සතර අපායේ යමපල්ලා ඇදි අමුඩය වන්විය..
ඒ රන්වන් අමුඩයක් වැනි මුහුනක් සහිත ඔලීට පැණි හලන වල් ඇඹලයා වන්නේ ගමේ වී බිස්සේ මුලාදෑනි තැනගේ නංගිගේ ආච්චිගේ ලේලිගේ ස්වාමි පුරුසයාගේ පුතා වන බස්සෙක් වැනි අබිස්ස නොහොත් Vlad හොශින්ය 😂 .
මොහු ගමේ නාඹර කැකුලියන්ගෙ මල්වැනි ජීවිත අකාලයේ තලා පෙලා පොඩි කර දැමීම නිසා දැනට නවවතාවක් පරිවාස ගතවී ඇති මොහු අති ජ්යග්රාහී ලෙස දසවෙනි වරටට්ය් පරිවාස ගතවී නිදහස්ව පැමින ගමේ අයාලයේ සැරිසරමින් සිටී .
මේ අහිංසක හොශින්ගේ වී ඇටයක් වන් හදවතේ ඔලී පිලිබද කුලුදුල් ඉදුල් පෙමක් හටගත්තෙ ගිය සුමානේ ඉදන් නෙවේ හිම්මිච්චං කාලේ ඉදන් ද නැත්තන් ගිය ආත්මේ ඉදන්දැයි මට සාධාරණ සැකයක් ඇත..
__________________________
එදින ගොම්මන් යාමය ගෙවී ගොස් අමාවක සද කුකුලාගල කන්දෙන් එබී බලන සුන්දර රාත්‍රියක ඔලී සුපුරුදු ලෙස කැකුලියන් නාන දෙස බලා ගෙදර යන ගමන් හොශින්ගේ පියාණන්ගේ වී බිස්සෙන් අති සූක්ශම ලෙස පැහැරගත් වී කරලක්ද මුඛයේ හොවාගෙන ලැසිගමනින් නියර දිගේ මහපාර දෙසට පියමැන්නේය..
මේ අතර ගමේ පොදු වැසිකිලියට පිටුපස සාදා ඇති ගමේ මදාවියන්ගේ රජදහන වන ණක්කාගෙ කසිප්පු පොට් එකෙන් අඩියක් ගසා හොද හැටි පදම් වී සිටි හොශින්ද නියර දෙසට පියමැන්නේ සුලගට ගසාගෙන යන පරඩැලක් සේය..
DU LÄSER
💖 හෙල පල්ලේ ලව් 😂 ||• ඔලි with හොශින් •||
Novellerdiscriprion එකක් නැති එක තමා discription එක 🌚