12. ඒ සැනසීම

1.7K 320 61
                                    


මගේ තනි තරුව

" අහ්.. මම ඒක උඹට පස්සේ කියන්නම්.. දැන් තියපං මම මස්සිනා පොඩ්ඩ එක්ක Supermarket එකට යනවා.."

" ඩැඩා.........."

බබා මගේ ලඟට ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තා... එයාට මගෙන් දැනෙන ස්පර්ශය තාත්තා කෙනෙක්ගෙන් සෙනෙහසින් ලැබෙන ස්පර්ශයක් වගේ උනාට මට එයාගෙන් ලැබෙන ස්පර්ශය තාත්තා කෙනෙක්ට දරුවෙක්ගෙන් ලැබෙන ස්පර්ශයක් වගේ උනේ නෑ... එයාගේ සුසුමකට පුළුවන් මාව පිස්සෙක් කරවන්න... මගේ හැඟීම් අවුස්සන්න.. මගේ පපුව වෙනස්ම ආදරයකින් පුරවන්න.. බබාගේ අත් මගේ බඳවටා දැවටෙද්දී අමුතුම හිරියකින් මගේ හිත සතුටින් පිරිලා ගියා..

" මැණිකහ්.."

"ඩැඩා......බබාත පාළුයි.."

මම එයාගේ පැත්ත හැරිලා එයාව මගේ තුරුළට ගත්තා.. කොල්ලා මට වඩා අඟල් දෙකක් වගේ කොටයි.. ඒ නිසා එයාව මට තුරුළු කරගෙන තියාගන්න උනේ උරහිසට... ඒත් එක්කම එයා මගේ ඉනට පැනලා කකුල් දෙක ඉනේ පටලවගෙන හිතුවා වගේම දෑතින් බදාගෙන උරහිසේ ඔලුව තියාගත්තා..
මම හිමීට දෙපැත්තට වැනෙද්දී එයා හරිම ආසාවෙන් තවත් මගේ උරහිසට එයාගේ ඔලුව තද කලා..
දැන් දැන් එයා සැනසෙන දේ වගේම එයා බයවෙන දේත් මම ටික ටික තේරුම් අරගෙන තිබුණා...
මගේ කොල්ලා මාව වෙන කාත් එක්කවත් බෙදාගන්න කැමති නෑ කියලා මම දන්නේ එයාව මට හම්බුනු මුල් දවසෙමයි...
ඒ වගේම එයාට මම එයාගේ මුළු ලෝකෙම උනාම මගේ හිතට දැනුනේ සියුම් ආඩම්බරයක්... ☺️

" මගේ හුරතලේ ඉතින්... ඩැඩා ආදරෙයි බබාට ගොඩක් ..
ඩැඩාගෙත් මුළු ලෝකෙම මගේ සුදු බෝලේ තමයි..."

මම එයාගේ පිට අතගානගමන් මිමිනුවා... ඇත්තටම මම එයාට ගොඩක් ආදරෙයි... ඒක තප්පරෙන් තප්පරය වැඩි මිසක් අඩු වෙන ආදරයක් නෙවෙයි...

" ඩැඩා... බබාත බයි ඕනි. බදගිලී.."

මම වෙලාව බලද්දී 1.00 යි...දෙයියනේ වෙලාව ගැන මට ගානක්වත් ගියේ නෑනේ.. හරිනේ ඉතින් මම ගෙදරින් කන මිනිහෙක්වත් දවල්ට කන මිනිහෙක්වත් නෙවෙයිනේ.. මම සාමාන්‍යයෙන් කෑවේ වේල් දෙකයි.... ඒත් මීට වඩා මට බබා ගැන සැලකිලිමත් වෙන්න තිබ්බා..
හිත අස්සෙන් සියුම් වරදකාරී බවක් දැනුණු නිසා මම එයාව වඩාගෙනම පහලට බැස්සා.. දිගංචියා වගේ මගේ ඇඟේ එල්ලිලා එද්දී නිරූපාගේ කට බිමට වැටෙන්න ආසන්නයි වගේ..
මට හිනාවක් ගියා... මහියා මේ කෝලම් දැක්කට මේ වයසක ගෑනිට මේවා තේරෙන එකක්යැ..

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now