(13) Tic Tic Healer

373 96 3
                                    


Memo

හදවත දෙදරා ගොස් හැඟුම් ගැඹුරක වළලා දැමු සූයෝන් නැවතත් හුස්ම ගැනීමට පටන් ගත්තේ ඇය නිසාමයි.

සිත අවුල් ජාලාවක ගිනිගත්ත ද ඇය තම කුටිය පිරිසිදු කොට ආලෝකයට තම කාමරය විවෘත කලා.

නැවතත් තම රැකියාව වෙත ගියා. තනිවන වේලාවක ඇය පුංචි කෑමක්.. විසිතුරැ නිර්මාණයක් කලා..

තෝරා ගත් සිංදු ගොන්නක අතරමං වුනා. මුවඟට හාස්‍යයක් ගෙන එන කතාවක් නැරඹුවා...

පෙර පැවතුන දේ ලබාගත නොහැකි වුවත් ඇය තමා සතු පුංචි දේවල් එකතු කර සිනහාසෙන්නට උත්සහා කලා.

නැවතත් මුල සිටම...



ඇය ජීවිතය සමඟ පෙර ලෙසින්ම ගැටීමට පටන් ගත්තා. තනිව.. නමුත් ඇයට යම් වෙනස් සැහැල්ලුවක් දැනුනා.

විනාශ වී ගිය සුන්බුන් ගොඩක් මැද ඇය අතරමංව සිටියත්.. මෙය ආරම්භයක් නිසා නවාරම්භයක පවතින ප්‍රබෝධමත් බව ඇයව වේලාගෙන සිටියා.



ගත වුන මාස හයක කාලයෙන් පසුව ඇය ඇගේ තුවාල පැරීම නවතා දැමුවා. ඔසුවක් ගැල්විය නොහැකි නමුත් ඇය ඇගේ තුවාල නොපාරා සිටියා.

කාලය හැරවුම් ලක්ෂයක් වෙත ඈ රැගෙන යාමට පටන් ගත්තා...
සය මසක අමිහිරි සුසුම් පසෙකලා..




මන්ද ඇය තවමත් ඇයව අත් නොහළ නිසා....

















#Time is a best solution...
______________________________________

BEHIND THE ARROGANT || JJK || COMPLETED Where stories live. Discover now