~ PUNISHMENT ~

1.3K 199 172
                                    

කෙටි කතාවකි..

කොල්ලන් රොත්තක් එකට එකතු වීගෙන ගල් බැම්මක් උඩ පෝලිමට හිද සිටින්නේ තව එක් මිතුරෙකු එනකල්.. සතියට දවසක් ගෙවල් අසල පිට්ටනියට එකතු වන මොවුන් විවිධ වයස් ප්‍රමාණයේ පසු වේ... වයස අවුරුදු 20ට වැඩි කිසිවෙකු නොමැති අතර මෙයින් පස් දෙනෙකුම අවුරුදු 20හි පසුවේ..

" කෝ බන් මූ තාම නෑනේ.. එක්කෝ අපි සෙල්ලම් කරමුද ඕකා එනකල්.. "

" අපෝ අපෝ ඉමු තව ටිකක්.. ඌ තමයි හොදටම සෙල්ලම් කරන්නේ.. ඌ නැත්තම් කම්මැලියි බන්.. "

" ඒක ඇත්ත ඔයාලා බැට් එක අරන් එනවා විතරනෙ අපි දකින්නේ.. ගහන්නෑනේ.. ආයේ යනෝනෙ.. "

" අනේ පලයන් පොඩි එකෝ යන්න.. "

" අන්න යීබෝ ගගා එනො... යේ.. ඕයේ සල ලල ලා... ගගා ඉක්මනින් එන්නකෝ අප්පා.. "

ඈතින් හති දමාගෙන පිට්ටනිය දෙසට දුවන් එන වන්ග් යීබෝව දැක්ක පොඩි කොල්ලො ටික කෑ ගහන්න ගද්දි ගල් බැම්ම උඩ උන්න සියල්ලම බිමට පැන්නෙ පිට්ටනියට යන්න...

🦁 සොම්‍රී වෙන්නෝනේ... ටවුන් ගියානේ.. ලේට් උනා.. යන් යන්.. ටොස් එක දාපන්.. වෙනදා විදියටම බෙදෙමු.. පරක්කුයි නැත්තම්.. ආ අලුත් බට්ටෙකුත් ඉන්නේ...

" මගේ නැන්දිගෙ පොඩි පුතා.. "

🦁ආ එල.. ටොස් එක දාපන් මින්ග්...

කණ්ඩායම් දෙකේ නායකයන් වන රෑන්ග් හා යීබෝ කාසිය වාසිය උරගා බලන මොහොතට පැමිණියා.. මින්ග් කාසිය උඩ දාද්දී...

🦁 හෙඩ්...

" ඔව්..  බැට් කරන්නේ යීබෝගේ ටීම් එක.. "

🦁 යෙස්... කමෝන් සෙට් එක..

යීබෝ තමන්ගෙ ටීම් එකෙ සෙට් එකම උඩ පැනලා නටලා ගල් බැම්ම උඩට එක්ක ගියා.. ටීම් එකේ කොල්ලො දෙන්නෙක් මුලින්ම බැට් කරන්න යද්දී...

🦁 නියමායී කොල්ලනේ.. ගහන්න ඇට්ටි හැලෙන්න...

කොල්ලො දෙන්නා පිට්ටනිය මැදට යද්දී යීබෝගේ ලගම උන්න පොඩි කොල්ලෙක් යීබෝගේ කමිසෙන් අදිද්දී කොල්ලා ඔලුවෙ ඇහුවෙ ඇයි කියලා.. හැබැයි මැච් එකේ සිහියෙන් ඉන්න කොල්ලා ආයෙමත් පිට්ටනිය දිහාව බලන් උන්නා..

❤️ PUNISHMENT 💚 ✔️✔️ Zhanyi Where stories live. Discover now