පහලොස් වන කොටස

839 244 107
                                    

"ම්හ්..."

හිමිහිට කෙඳිරිලි හඬක් නගන ගමන් ඇස් ඇරපු ටේහ්‍යුන්ට දැනුනේ කිසිම දිනෙක අත් නොවිඳින අන්දමේ උණුහුමක්.

සිදුවන්නෙ කුමක්ද කියා නොවැටහුනත් මොහොතක් ගත වෙද්දී තමන්ව කවරෙක්ගෙ හෝ උණුහුම් පපුවට තද වෙලා කියලා තේරුන ටේහ්‍යුන් වේගයෙන් හුස්ම ගන්න තනන ගමන් හිමීට හිස ඔසවලා බලනකොට ඔහු දැක්කෙ තමන්ව තුරුලු කරගෙන දැඩි නින්දට වැටිලා ඉන්න ජන්කුක්.

"මම මොකද මෙ...තන...? ජ.. ජන්කුක්.. ජන්කුක්..."

හිමිහිට තමන්ගෙ අතින් ජන්කුක් ගෙ පපුවට ටේහ්‍යුන් ගහනකොට ජන්කුක් නින්දෙන්ම තමන්ව ඔහුගෙ පපුවට තුරුලු කරගන්නවා ටේහ්‍යුන් ට දැනුනා.

"ජන්කුක්.."

ආයෙමත් සැරයක් මුමුණන ගමන් ටේහ්‍යුන් ජන්කුක් ගේ වැහිලා තිබුන ඇස් දෙක දිහා ඔහේ බලාගෙන හිටියා . විටෙක වේදනාබර බවක් , විටෙක කෝපයක්  , විටෙක උමතුවක් , විටෙක කල්පනා කාරී බවක් දිස් වෙන ඒ ගැඹුරු ඇස් අද සංසුන්ව පියවිලා තියනකොට ටේහ්‍යුන්ට ජන්කුක් ගේ හදවත විනිවිද නොපෙනන ඒ වැහුණු ඇස් දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා.

ජන්කුක් ගේ මුහුණට වැටුනු ජන්කුක් ගෙ තද දුඹුරු පැහැ ගත්ත හිස කෙස් ටේහ්‍යුන්ගෙ දැහැනට බාධාවක් උන නිසා ජන්කුක් ගෙ තුරුලට වෙලාම ඒ හිසකෙස් ටේහ්‍යුන් පසුපසට කරනකොට ජන්කුක් ගේ පියවිලා තියන ඇස් ටේහ්‍යුන් ගෙ ස්පර්ශ යෙන් විවර උනා.

තමන්ගෙ තුරුලෙ ඉඳගෙන තමන් දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන් දුටුව මොහොතෙම ජන්කුක්ගෙ දෑස් එක් වරම පුදුමයෙන් මහත් වන අයුරුත් , තප්පර කීපයක් ගත වෙනකොට ඒ ඇස් වල කල්පනාකාරී සේයාවක් ස්මතු වන අයුරුත් , ඊළග මොහොතේ අතුරුදහන් උන ඒ කල්පනාකාරී බව ඇතුලෙන් අැති උන හිස් හැගීමක් සමග ඒ ඇස් වල ඇඳුනු තමාට වටහා ගත හැකි පරාසයෙන් පිට ගියපු තේරුම් ගත නොහැකි හැගීම දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා....

"ටේහ්‍යුන් .. සුබ උදෑසනන්"

තමන්ගෙ තුරුලෙ උන්නු ටේහ්‍යුන්ව තමන්ට තද කරගෙන ජන්කුක් මුමුණනකොට කිසිවක් නොකිව්ව ටේහ්‍යුන් ජන්කුක් දිහා සිනා මුසුව බලාගෙන හිටියා.

Dear Athens | TK ✓Where stories live. Discover now