Chapter 03☙

816 138 88
                                    


ටේහ්‍යුන් හිටියේ බය වැඩි කමටම ඇස් දෙකත් තදින් පියන් එයාගේ අත්දෙකෙන් ජන්කුක්ගේ Shirt එක ගුලි කරගෙන.

දුඹුරු පාට ඇස් දෙක ලගටම වැටිච්ච යන්තන් කැරළි ගැහිච්ච කොණ්ඩේ,රෝස පාට කම්මුල්,තදින් පියවුණු දිගටි ඇස්,නහය උඩ තියන පුන්චි මෝල් එක,වැස්ස හන්දා තෙමිලා රතු වෙලා බාගෙට ඇරිලා තියෙන තොල් ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ මුලු ඇගම Scan කරන ගමන්

🐰:Angel!!

එතකොට තමයි මෙච්චර වෙලාවක් බයටම ඇස් වහන් හිටපු ටේ හරි සිහියට ආවේ

🐯:ම්වෝ කව්ද Ange___ ටේහ්‍යුන් ඇස් දෙක අරින ගමන්ම කතා කලා.

ඇස් දෙක අරිනකොටම ටේ දැක්කේ තමන්ව අල්ලන් ඉන්න උස මහත හැඩි දැඩි තරුණයව.වැස්සට තෙමිච්ච කළු කොණ්ඩේ,බෝල ඇස් දෙක,කට කොණට වෙන්න තියෙන සෙල්ලක්කාර හිනාව,කටට යටින් තියන මෝල් එක,වැස්සට තෙමිලා ඇගට ඇලිලා තියෙන සුදු Shirt එකට යටින් පේන හැඩි දැඩි ඇග මේ ඔක්කොම දේවල් දැකලා ටේහ්‍යුන්ට කියන්න ගිය දේත් අමතක උනා

🐰:ඇයි Angel වැස්සේ දුවන්නේ ම්ම්??

🐯:A..Angel? මටද A_ngel කි...කිව්වේ??

🐰:ඔව් නැතුව මෙතන ඔයා එක්කනේ මන් මේ කතා කරන්නේ! එහෙම කිව්වා විතරයි ටේහ්‍යුන්ගේ බෝල කම්මුල් දෙක රතුම රතු පාට වෙන්න ගත්තා

🐰:ඕහ් ඔයාව රතු වෙලා ජන්කුක් ටේගේ කම්මුලක් මිරිකන ගමන් කිව්වා

🐯:ආහ් ම්_මේ අම් මේ වැ_ස්සට වෙන්නැති

🐰:ඕහ් ඇත්තට?

🐯:ප්...පොඩ්ඩක් ඉන්න! මේ ඔ_යා මේ ඔයා තමයි ! අද උදේ ඔයාගේ වාහනේට නේද මාව හැප්පෙන්න ගියේ?

🐰:Angelට හොද මතකයක් තියනවා වගේ! ඉතින් ඔයාගේ කල්පනාව දිගටම මේ විදියට ඉන්නද ම්ම්??

එතකොට තමයි ටේහ්‍යුන්ට මතක් උනේ එයා ඉන්නේ ජන්කුක්ගේ අත් අතරේ නේද කියලා

🐯:ඕහ් අ_අනේ මියානේ!! ඒ වගේම කුමෝවෝ මාව අල්ලගත්තට! අ...අපි දැන් යන්නම් කියපු ටේ ජිමින් ළගට දිව්වා

🐱:ඒයි තාර පැටියෝ පොඩ්ඩක් ඉන්නවා තමුන්ගේ නම මොකද්ද?

🐣:මගේ නම තමුසෙට මොකටද?

Who is that pretty guy_TK 😏🖇♥Where stories live. Discover now