chapter 04

254 81 16
                                    

   

2022 ප්‍රංශයේ පැරීස් නගරය,

ජන්ග්කුක් හිටියේ කලබල වෙලා..ඒක එහෙම නොවී තියෙයිද? ජිමින් ජන්ග්කුක් ගේ soulmate.ජිමින්ට වෙන පොඩි කරදරේදිත් ජන්ග්කුක් ඕනේවට වඩා කලබල උනා වගේම, ඔනේවට වඩා හොයලා බැලුවා.

"ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම soulmate කෙනෙක්".

ඔවුන්ව දන්න නොදන්න හැමොම ඔවුන්ට කතා කලේ couple එක කියලා.නමුත් එය එහෙම උනේ නැහැ.ජිමින් මෙන්ම ජන්ග්කුක් ද වෙන් කල නොහැකි  දැඩි බැදීමක දෙපැත්තක් මෙන් උනා.

ජිමින්ව අත් දෙකෙන් උස්සා ගත් ඔහූ ජිමින්ගේ වාහනයටම ඔහුව දමා ගත්තේ අවට රැස් වූ මිනිසුන්ගේ ද ආධාරයෙන්.

"hold on මිනී..please...මං වෙනුවෙන් ඉවසන්න..ඔයාට මොනවත් වෙන්න මං ඉඩ තියන්නේ නෑ"

ජන්ග්කුක් තමගේ දෑසින් වැටෙන කදුලු පිසදා ගැනීමටවත් තම කාලය වෙන් නොකරම ඉතාම වේගයෙන් රථය පැදෙව්වේ මේ මොහොතේ ගෙවෙමින් පවතින තප්පරයේ වටිනාකම ඔහුට මැනවින් පසක් කරවමින්.

කාර්‍යබහුල පැරීස් නගරයේ මදක් මධ්‍යට වන්නට පිහිටා තිබුනු Saint-Louis රෝහලේ ඉදිරියේම රථය නැවැත්වූ  ඔහු ජිමින් සිටි පැත්තේ දොර හැර ජිමින්ව තමන්ගේ අත් දෙකට ගෙන රෝහල තුලට දිව ගියා..

ඔවුන්ව දැක එතනට පැමිනි හෙදියන් සහ වෛද්‍යවරුන් ජිමින්ව ට්‍රොලියකට දමාගෙන තල්ලු කරගෙන ගියේ ඒ වනවිටත් අධිකව රුදිරය පිට වෙමින් තිබූ ජිමින්ගේ අතට සේලයින් අධාරයද ලබා දෙමින්.

"සර්..ප්ලීස් නවතින්න..ඔයාට මෙතනින් එහාට යන්න දෙන්න බෑ...."

හෙදිය පැවසුවේ ජන්ග්කුක් ව නතර කිරීමට දැඩි උත්සාහයක යෙදෙමින් වුනත් හෙදියගේ ඒ සියලු උත්සාහයන් නිරර්තක කරමින් ජන්ග්කුක් කෙසේ හෝ icu එක අසලටම ගියේ ජිමින්ව තනි කල නොහැකී බව මුමුනමින්. icu එකෙහි  දොරේ තිබූ කුඩා කවුලුවෙන් එබී බැලූ ඔහු එතන පසෙකින් තබා තිබූ බංකුවෙන් වාඩි උනේ කකුල් දෙකත් වෙව්ලනවා මෙන් දැනෙද්දි...හදිසියේ තප්පරයක් තුල සිදු වූ සියල්ල ඔහුට හීනයක් මෙන් දැනෙද්දී ඔහුට ජිමින්ගේ london වල සිටිනා දෙමාපියන් ට call කර මේ සියල්ල පැවසීමට වුවමනා කලා නමුත් කියන්නෙ කුමක්දැයි සිතාගැනීමට නොහැකි වූ නිසා ඔහු doctor icu එකෙන් එලියට එනතුරු ඇගිලි ගැන්නේ සියල්ල හොද වේවා යයි ප්‍රර්තනා කරමින්.

Forget-Me-Not ||• VMIN •||            Where stories live. Discover now