❤️... 1 ...💚

732 111 75
                                    


කොල්ලෙක් පාරෙ අයිනෙ තියලා තිබුණ ඩස්බින් එකට හයියෙන් ම පයින් පාරක් ගැහුවෙ එයාටත් රිදෙනව කියලා දැන දැනම වෙන්න ඇති.

" බඩු වලින් පළි ගන්න එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒවට රිදෙන්නෙ නෑ අපිට මිසක්... "


" තමුන් කවුද... අනික මම පයින් ගැහුවෙ තමුන්ට නෙමෙයි නෙ... "


" මේ හලෝ... හරියට කතා කරන්න දන්නෙ නැද්ද මනුස්සයෙක් ට... "


" මට හලෝ හලෝ ගාන්න තමුන් කවුද... "


" මම ද... මම ග්‍රැහැම්බෙල්... දැකලා නැත්තම් බලා ගන්නවා... "


" අනේ... ඇත්තට... අඳුනගන්න ලැබීම සතුටක්... මම අදයි දන්නෙ එයා චීන ජාතිකයෙක් කියලා... "


" මට නම් කොහෙත් ම සතුටු නෑ පාරෙ තියන ඩස්බින් අවුස්සලා මිනිස්සුන්ගෙ ඇඟට කුණු විසි කරන කොල්ලෙක් අඳුනගන්න වුන එක ගැන... "


" මම කොයි වෙලේද හලෝ තමුන්ගෙ ඇඟට කුණු විසි කළේ... "


" ආ... එතකොට මේ කෙහෙල් ලෙල්ල මගේ සපත්තුව උඩට ලෑන්ඩ් කරේ එයාපෝර්ට් එක වැරදිලා කියලද ඔහේ කියන්නෙ... අනික තමුන්මයි නේද හලෝ හලෝ ගාන්න එපා කිව්වෙ... ඇයි තමුන් එයාගෙ මල්ලි ද... "


" නෑ...... ගෑනි..... "


" මොකා.........ක්...... එතකොට තමුන් මගෙ වයිෆ් ද....... හනේ.... කවුද හිතුවෙ ඩස්බින් එකක් ළඟදී තමන්ගෙ වයිෆ්ව හම්බෙයි කියලා... "


" පිස්සුද මිනිහෝ... මම මැරීඩ්... අනික මට පිස්සුවක් නෑ කොල්ලෙක්ගෙ වයිෆ් කෙනෙක් වෙන්න... මමත් කොල්ලෙක්... ඇස් පේන්නැද්ද... "


" ඔව් මටත් පිස්සුවක් නෑ කොල්ලෙක්ව බැන්දත් තමුන් වගේ කොල්ලෙක්ව බැඳගන්න... "


" ඇයි තමුන්ට මගේ කෑලි අඩුයි වගේ පේනවද... "

සම්මතයෙන් පිට... [ Yizhan ]  ✎by,Saaki...✔️Tempat cerita menjadi hidup. Temukan sekarang