💚... 2 ... ❤️

396 100 82
                                    


" හෙලෝ.... "


" හෙලෝ...... මේ ග්‍රැහැම්බෙල් ද කතා කරන්නෙ.... "


" කවුද මේ.......තමුන්ට පිස්සු තදවෙලා ද.... මෙහෙ ඇති බෙල් එකක් නෑ...... "


" මම මේ එයාගෙ ගෑනි කතා කරන්නෙ..... එයා ඉන්නවද...... "


" දෙයියනේ ශාන්........ ඔ.... ඔයා........ "


" කොහොමද ඉතින් බෝ...... ඔයා මට කෝල් කරනකම් හිටියා..... නැති නිසා මම ගත්තා..... කමක් නෑනෙ....... "


" ක්......කමක්....... කමක් නෑ ශාන්..... මම ඔයාට ගන්නමයි හිටියේ.... ඒත් බිසී වුනා ටිකක්..... "


" ටිකක්...... ඔයා මාස හතරක් ම ටිකක් බිසී වුනා ද බෝ.... "


" ඒත් ශාන් මම........ "


" ඔයාටත් එදා මාව විහිලුවක් වගේ පෙනුණා නේද...... ඔව් බෝ මම විහිලුවක්.... මට පිස්සු...... මම පිස්සෙක් වගේ එකම එක දවසක් අහම්බෙන් හම්බවුන මනුස්සයෙක්ට ආදරේ කරන්න ගත්තෙ...... "


" ........ "


" කියන්න දෙයක් නෑ නේද..... එහෙම වෙන්න එපැයි....... දාර්ශනික වදන් කිව්වට ඔයත් ඔයාම කිව්වා වගේ සර්ව සම්පූර්ණ නැති එක මනුස්සයෙක් විතරයි......... ඔ....... "


" ශ්...... ශාන් දැන් ඇති...... "


" නෑ.... බෝ....... අද මමයි කතා කරන්නෙ..... අයිතියක් නැති වුනත්.... අද මම විතරයි කතා කරන්නෙ........ඔයා දන්නවද එදාට පස්සෙ දවසෙ ඉඳලම අද වෙනකම් ඔයා එයි කියලා රැයක් දවාලක් නැතුව එතනට ම වෙලා බලන් හිටියා කියලා....... නෑ....... කොහොම දැනගන්න ද ඉතින්.......ඔයා ආවෙ නෑනෙ..... නේද....... එතකොට..... "


" E.. n...o......u....g....h...... ශා.... න්.... "


" එතකොට....... එතකොට... මිනිස්සු කොහොමත් මං දිහා බැලුවෙ පිස්සෙක් දිහා බලන විදියට තමයි බෝ.... සමහර දවස් වලට මම එතනට ආවෙ කාර් එකෙන්... ගිහින් තියෙන්නෙ පයින්.... එච්චර දුරක් කොහොම ඇවිදන් ගියා ද කියලා මම දන්නෙත් නෑ..... ඔව්.. එහෙම බැලුවම මම පිස්සෙක් වගේ නොපෙනි තියේවිද... ම්ම්.... "

සම්මතයෙන් පිට... [ Yizhan ]  ✎by,Saaki...✔️Where stories live. Discover now