♻️ දහ අටවෙනි දිගහැරුම ...

2K 454 233
                                    

⚔️⚔️ THE TERRORISTS ⚔️⚔️ ......

🌞🌞🌞🌞🌞🌞

යීබෝ දෙනෙත් හැරියේය .... නමුත් ඔහුට හැරෙන්නට වත් පෙරලෙන්නටවත් නොහැකිය .... අත ඇද ලඟට ගන්න හැදුවත් එය කල නොහැකිය ..... තුවාල ඌ අත නම් සෙලවිය හැකිය...නිදි විකාරයෙන් හිස ඔසවා බැලූ යීබෝ දුටුවේ ඔහුගේ එක් අතකට සහ කකුල් දෙකට ඇදට අල්ලා මාංචු දමා ඇති බවකි....

නින්දෙන්ම තමන්ව පැහැරගැනීමකට ලක්ව ඇති දැයි යීබෝ කල්පනා කරන්නට විය....මෙය සිහිනයක් නොවන්නේ දැයි ඔහු යළිත් කල්පනා කළේය... තවත් වතාවක් අතපය හොලවන්න ට උත්සාහ කලත් එය නොහැකි විය....

ඉක්මනින් වටපිට බලද්දී දුටුවේ ඇදේ එහා කෙලවරේ වාඩිවී සිනාසෙමින් බලා සිටින හාවෙක් ය...

" ඒ #ත්තා..... තෝ මොකක්ද කරන්න හදන්නේ.... මේවා ගලවපිය...."

යීබෝ කේන්තියෙන් කෑගැසුවේය ..ශාන් බෑ යැයි හිසින් කීවේය ... පෙරේදා රාත්‍රියේ රැගෙන ගිය ආයුධ සහ මාංචු එහෙන්මම ස්ටූල් එක උඩින් තබා නිදාගත් අයුරු සිහිවී යීබෝට ඔහු සමඟම කේන්තියක් ඇතිවිය...

" ලෙහපං මාව ජානු...... හැබැයි පුතේ මේවට රිටන් බොහොම දරුණු වෙයි.... උඹ අහලා තියෙනවනේ පිටුපසින් පහර දීම විනය විරෝධී කියලා ....."

ශාන් කිසිවක් නොකියමින් සිනාසෙන්නේය....යීබෝගෙ කේන්තිය කොයිතරම් වුවත් ශාන්ගේ සිනහව දුටු සැනින් සෙමින් සෙමින් ඒ කේන්තිය පහව ගියේය....


" ගලවපිය යකො....මට චූ බරයි...."

ශාන් සෙමින් යීබෝගේ හිස අසලින් වාඩිවුනේය .... යීබෝ කේන්තියෙන් ඔහුදෙස බලා සිටින්නට විය...

" කර්නල් වන්ග් යීබෝ ..... ඔබතුමා දැන් මගේ සිරකරුවෙක්....."

",#ත්තක් කියන්නැතුව ගලවපිය බං.... උඹට මේ උදේ පාන්දර මොන යකෙක් වැහිලද...."

යීබෝ පුළුවන් තරම් ශාන් දෙසට රවා බලමින් කෑගැසුවේය...

",ඕ ...හෝ..... කේන්තිය අඩු කර ගන්ඩ කර්නල් ..... මට මෙන්න මේකට විතරක් උත්තර දෙන්නකො.... කවුද තමුන්ගේ ලමිස්සි...."

ඉතින් ජෙනරල් මේ හාවාව අවුස්සා ඇතිබව යීබෝ තේරුම් ගත්තේය .....

⚔️⚔️  THE TERRORISTS ⚔️⚔️ yizhan fan fiction  (Complete )Where stories live. Discover now