06

128 34 4
                                    

"දෝණී........................................."

ඇය දුටු විටම සිය මව අඳෝනාලන්නට විය.

"අම්මේ මොකද්ද උනේ ඇයි මේ පොලීසියෙන්"
ඇයගෙ මුවින් වචන පිටවුනේ නැත, ඊට ප්‍රථමව කාන්තා නිළධාරිනියක් සිය මව ව පසෙකට රැඟෙන ගියේ කට උත්තර ලබා ගැනීමට ය.

"ආ දුව ඇවිල්ලා නේද ඒනම් මැඩම් දැන් අපි යමු"
පොලිස්පරීක්ශක වරයා එසේ පවසත් ම,

"පොඩ්ඩක් ඉන්න සර් මුලින්ම උනේ මොකද්ද කියන්න"

"ඔයාගෙ අම්මා ඝාතන පැමිනිල්ලක් යටතේ අතඩංගුවට ගන්න වෙලා තියෙනවා  , මං හිතන්නෙ ඒ වෙලාවෙ ඔය ළමයත් ගෙදර ඉදලා තියෙනවා , වරද කරුවා පිළිගත්ත නිසාම අපි දැන් පොලීසියට එක්කන් යනවා"

"සර් සර් වැරදි වැටහීමක් සර් මෙ, ඔක්කටම කලින් දැනගන්න පුළුවන්ද කව්ද මැරුණෙ කියලා"

"මොකක්! අහ් පොඩ්ඩක් ඉන්න"
ඔහු පසෙකට හැරී කැමරාවක් අත දරාගත් යමෙකුට ඇමතීය.

"ඔය ඩෙඩ් බොඩී එකේ ෆොටෝස් ටික පෙන්නන්න"

"මොකක්!!!!! තාත්තා......"

දිනාරා වික්ෂිප්තව ඒ දෙස බලා හුන්නා ය.

"යකඩ වගේ දේකින් හරියටම යටිමෝළේට වැදුනු දරුණු පහරක් නිසා තමා ක්ෂ්ණික මරණය වෙලා තියෙන්නෙ , අනික ශරීරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය වැඩි නිසා තමන්ගේ වේදනාවවත් පිට කරගන්න හයියක් තිබිලා නැ, ඔයාගෙ අම්මා පිළිගත්තා මරණයට වරදකාරීත්වය."

"නෑ සර් නැ, තාත්තා අපේ අම්මට ගහලා තිබ්බා , ආයෙ පාරක් ගහන්න යද්දි මම තමා එයාට පිත්තල් පහනෙන් ගැහුවෙ , අපේ අම්මට ඒ වෙලාවෙ පිත්තල පහනවත් උස්සගන්න පනක් තිබ්බෙ නැ ඒ තරම් එයා අමාරුවෙන් හිටියේ. මට කරදරයක් වෙනවා දකින්න ඕන්නැති නිසයි එයා වැරැද්ද පිළිගන්ඩැත්තෙ"

"හොදටම විශ්වාසද මේ දේවල්?"

"සර් ඕන්නම් අම්මාගෙ කකුල අත දිහා බලන්න , අර බලන්න දැනුත් ඉදගෙන ඉන්නෙ සර් එයාගෙ කකුලට ඇණයක් වැදිලා තිබුනා ඇතුලටම"

"ඒනම් දෙන්නත් එක්කලා යමු පොලීසියට"
"අර තුවාල සහිත නෝනවත් එක්කන් එන්න"

සිපිරි ගෙයි ළමිස්සිය - 𝒯𝒽𝓮 𝒢𝒾𝓇𝓁 𝒾𝓃 𝒫𝓇𝒾𝓈𝓸𝓃Where stories live. Discover now