08

108 30 8
                                    

"දිනාරා අක්කේ.... අම්මලා ඇවිල්ලා බලන්න"

"අහ් එහෙමද?"

"ඕ ලොකු මිස් කිව්වා අපි දෙන්නගෙම ඇවිල්ලා කියලා, ගාර්ඩ්න් එකෙ ඉන්නවලු"

"ඉන්න මං සෙරෙප්පු දෙක දාං එන්නම්"

____________________________________

දෙදෙනාම සිය සාමාන්‍යපෙළ විභාගය ඉහළින් සමත්වීමත් නිසාම ඔවුන්ට ඔවුනොවුන්ගෙ දෙමව්පියන් සමඟ දවසම ගත කිරීමට අවස්ථාව දීමට පුනුරුත්තාපන කඳවුරේන් කැමති විය. එම නිසාම පුනුරුත්තාපන මධ්‍යස්ථානය අවට ඇවිදමින් දෙදෙනාම සිය මව්වරුන් සමඟ කාලය ගත කළහ.

____________________________________

සාමාන්‍යපෙළින් පසු ඔවුන්ට උසස්පෙළ ලිවීමට අවස්ථාව ලැබුනත් හරිහයමින් සිය අධ්‍යාපනකටයුතු කිරිමට නොහැකි වූ නිසා ඉහළ සාමාර්ථයක් ගැනීමට නොහැකි විය.

දිනාර සිය දෙවන වර වසරේදී සිඳලි සමඟම අයදුම් කළ කළහ.
දිනාරාගෙ විභාහගය සමඟම ඇයගෙ පුනුරුත්තාපන කාළය අවසන්වීමත් නිසාම ඇය එම වසරේ නොවැම්බර් මාසයේදී, එනම් ඇයගෙ විසිවන වයස සම්පූර්ණ වී සතියකට පසු පුනුරුත්තාපන කඳවුරෙන් නික්මුනේය. නමුදු සිඳළි හට ඉදිරි වසරේ පෙබරවාරිය දක්වා කල්ගෙවීමට සිදුවිය.

නැවත සිට නිවසට පැමිණීමත් සහ ඇයට පරණ ජීවිතයට අනුගත වීමත් යන්න ආගන්තුක විය. කාලයක් තිස්සේ මහමග හෝ කිසිවක් දැකීමටවත් යෑමටවත් නොහැකි වූ නිසාත් ඇයගෙ ගම, නගරය වෙනස් වී තිබූ සැටිත් දැකීමෙන් ඇය වික්ශිප්තව සිටියාය. මාස දෙකක් පමණ යනතුරු ඇයට සමාජය ගැන හරිහමබ් අවබෝධයක් ගැනීමට නොහැකි විය.

එසේම ඇය සිය නිවසේ ඉහළ මහලට යෑම ප්‍රතික්ෂේප කළ අතර ඉහළමහලේ වූ සිය පියාගෙන කාමරය දැකීමටවත් ඇයට අවශ්‍ය වූයෙ නැත.
සිය නිවසට පහළින් වෙසෙන සඳුන් හෝ කිසිවෙක් ඇයගෙ නැවත පැමිණීම දැන සිටියේ නැත. නමුදු ඇයගෙ සාමාන්‍යපෙළ සහ උසස් පෙළ ප්‍රථිපල පාසලට දැනුම් දී තිබිණි. ඇයගෙ උසස් පෙළ ප්‍රථිපලය මදී වූ නිසා ඇය නිවසේ සිට තෙවන වර විභාගයට පෙනීසිටීමට සූදානම් විය.
කුඩා කළ සිටම තිබූ විශ්වවිද්‍යාල සිහිනයට පිය නැගීමට ඇයට අවශ්‍ය විය. ඇයගෙ ජිවිතයෙ මගහැරුණු සියළුම තැන් නැවත පුරවාගැනීමට ද ඇයට අවශ්‍යවිය.

සිපිරි ගෙයි ළමිස්සිය - 𝒯𝒽𝓮 𝒢𝒾𝓇𝓁 𝒾𝓃 𝒫𝓇𝒾𝓈𝓸𝓃Where stories live. Discover now