4.Couple No.1🐿️🦄

800 157 50
                                    

ලමයී...කියවල වෝට් කමෙන්ට් කරන්න හරිද? ඔයගොල්ලො කියවල නිකන්ම යද්දි දුක හිතෙනවනේ.ඒ නිසා මොකක් හරි කමෙන්ට් එකක් දාන් යන්න.💘
_________________________________________



එදා සින්දු සාජ්ජෙන් පස්සෙ බියුටි බෝයිස්ල සෙක්සි බෝයිස්ල එක්ක තිබුන තරහ මරහ ටිකක් විතර අඩුකරල සාමකාමී ව කටයුතු කරන්න තීරණය කලත් ටේ බබා නම් ජේකේ එක්ක කලින් තරම්වත් හොඳට හිටියෙ නැත්තෙ ජේකේ ගෙ එක්තරා විරහ ගීයක් නිසා.

නොතේරුම්කම ද මෝඩකම ද නැත්තන් ටේ බබාගෙ තියෙන කියුට්නස්කම නිසා ද මන්දා ඒ දවසෙ ඉඳන් සතියක් විතර යනකල්ම ටේ බබා වද වුනේ එයාගෙ හිනාව ගැන විතරමයි.
හැමවෙලේම කන්නාඩියක් ඉස්සරහට ගිහින් දත් තිස් දෙකම පෙන්නල හිනා වුනත් තමන්ගේ හිනාව දිලිසෙන්නෙ නැතිඑක ගැන නම් ටේ බබා හිටියේ ඒ තරම් හිත හොදින් නෙවේ

ඔයාල හිතනව ඇති ටේ බබාට ඒ වගේ දෙයක් වත් තේරුම් ගන්න මොලයක් නෑ කියල.එහෙමනේ?
අනේ නෑ.ටේ බබා ගොඩක් බුද්ධිමත්.
ඒත් එක්තරා හේතුවකට ටේ බබා ජේකේ කියපු දේ විශ්වාස කලා.ඒකයි ටේ බබා එහෙම දේවල් කලේ.

මං කවදහරි ඔයාලට කිව්වාද ටේ බබා ජේකේ ට කැමති නෑ කියල🤔

හ්ම්.වෙන්න පුලුවන් 😌

කොහොමහරි ජින්,ජිමී වගේ ම හොබී එකතු වෙලා ටේ බබාට තේරුම් කරාට පස්සෙ තමා ටේ බබ එයාගෙ හිනාව ගැන ඕනෙවට වඩා වදවෙන්න නොගියේ.

හැබැයි ඉතින් ඒකෙන් සිද්ද වුන නරක ම දේ තමා ටේ බබා ජේකේ බොරුකාරයෙක් කියල හිතන්න පටන් ගත්ත එක.🙂💔
ඔන්න ඒකට නම් මට කරන්න දෙයක් නෑ🤞

සෝන්ග් බැට්ල් එකෙන් පස්සෙ සති දෙක තුනක් ගෙවිල ගියා.

හැමදේම සාමාන්‍යයි.හැමකෙනාම සාමන්‍ය- ටිකක් ඉන්න.✋ මන් හිතන්නෙ මට දෙයක් මගෑරුන.

හැමදේම සාමාන්‍ය වුනත් හැමකෙනාම නම් සාමාන්‍ය වුනේ නෑ.
මං මේ කියන්න යන්නේ ටේ,ජේකේ ගෙ අසාමාන්‍ය බව ගැන නම් නෙවේ.මොකද ඒ දෙන්න හැමදාම අසාමාන්‍යයිනේ.

මේ කියන්න යන්නෙ හොබී වගේම ජැකී ගැන.

@Cafeteria

Crazy Sexy Cool |🐰🐯| Completed✔Where stories live. Discover now