✦Psycho ⚠

494 51 7
                                    

▲Top Gguk.
▼Bottom Tae.


⚠   Warning.   ⚠
-Sad ending-

"දෙයියන්ගෙ නාමෙන් ඔය වැඩේ නවත්තන්න ජන්කුක්, පින් සිද්දවෙයී"

කෝල් එකක් වුණත් මුළු mansion එකම දෙදරලා යන විදියට කෑ ගැහුවෙ කදුළු පොකුරු පිටින් ටේයොන්ග්ගෙ ඇස් වලින් කඩාගෙන වැටෙද්දි..

එහා පැත්තෙන් මොනවදෝ කියනව ඇහුණත් කෝල් එක කට් කරපු ටේයොන්ග් එතනම බිම ඉඳගෙන මහ හයියෙන් අඬන්න ගත්තෙ දණහිස් දෙක පපුව ළඟට ළං කරගෙන.

විනාඩියක් දෙකක් නෙමෙයි හරියටම පැය 3කට ආසන්න කාලයක්, තාමත් කෑ ගගහ අඬන ටේයොන්ග්ගෙ පේන්න තිබුණු එකම වෙනස කොච්චර ඇඩුවත් කඳුළු ආපු නැති එක විතරයි.

ටේයොන්ග් එක පාරටම ගැස්සිලා ගියෙ තමන්ගෙ හිසකෙස් අතරින් මෘදු විදියට දැණුනු ස්පර්ශය හින්ද.

"ඔය දේවල්වලට වැඩිය හොඳ නැද්ද මාව එක පාරින්ම මරල දැම්මනම් ජන්කුක්. ඇයි මට ඔහොම කරන්නෙ දෙයියනේ. ඇයී?"

"මේ හැමදේම කරන්නෙ ඔයාව නැතිවෙයි කියන බයට... I love you taeh---.."

"ශ්ශ්ශ්ශ්.. නවත්තගන්නවා ඔයාගෙ ඔය විකාරෙ. තමුසෙ ආදරේ හින්දද අර අහිංසකයව මරල දැම්මෙ, පිස්සෙක්ද ජන්කුක්?"
ටේයොන්ග් ජන්කුක්ගෙ පපුවට ගගහ ඇහුවේ ආයෙමත් එයාගෙ කදුළු අලුත් කරගන්න ගමන්.

"ඔව් මං පිස්සෙක්. මට බෑ කාත් එක්කවත් ඔයාව බෙදාගන්න, කවදාවත්ම බෑ."

"මට මේ හැමදේම එපා වෙලා තියෙන්නෙ, ඒ ඔයා හින්ද ජන්කුක්, ඔයා හින්දා.
කාත් එක්කවත් කතා කරන්න නෑ මරල දානවා, කෝල් එකක් ගන්න බෑ හොයාගෙන ගිහින් එයාලට වද දෙනවා.
කොහෙවත් යන්න දෙන්නෙත් නෑ, අඩු ගානෙ මේ බිත්ති 4 ඇතුලෙවත් මට නිදහසේ ඉන්න නෑ ගාඩ්ස්ල හැමතැනම.
ඔයාට පේන්නෙ මං සතුටින් කියලද, නෑ. උබ උබේ ලේ ටික මරල දැම්ම කිසිම හිතක් පපුවක් නැතුව ජන්කුක්, ඒ උබේ ආත්මාර්ථකාමීකම හින්දා, ඒ අහිංසකයාට මේ ලෝකෙටවත් උබ එන්න ඉඩ දුන්නද?
මො-ක-ද්ද මං ක-රපු වැරැද්ද දෙයියනේ?
ඇයි ම-"
ටේයොන්ග් ජන්කුක්ගෙ ඇඟටම වාරු උනේ හැම අඟලක් ගානෙම දැනුණු වේදනාවත් එක්ක.

ජන්කුක් බිමින් ඉඳගත්තෙ ටේයොන්ග්ව පරිස්සමට එයාගෙ පපුවට තුරුල් කරගෙන කෙස් මතින් පුංචි හාදු තියන ගමන්.

"ටේ-ට්-ටේයොන්ග් ඇයි ඔයාගෙ කටින් ලේ එන්නෙ, මො-මොකක්ද.. අනේ මොකද-"

ටේයොන්ගෙ කටින් එක දිගට එන ලේ දැකපු ජන්කුක්ට දැනුනෙ එයාගෙ හැම ඉන්ද්‍රියක්ම පණ නැතුව යනවා වගේ.
ඒත් එයා කියන්න ගියපු දේ ටේ නැවැත්තුවා.

"අ-අද අවසාන වතාවට මං ක්-කියන දේ අහන් ඉන්න ජන්කුක්, ප්ලීස්..
මං හැමදාමත් ඔයා කියන දේ ඇහුවා. හැමදාමත්.
ඒත් එක තප්පරේකට ඔයා මං කියන දේත් ඇහුවණම්,....

එදා....
උබේ ලේ මගෙ ඇඟ අස්සෙ පණ ගැහෙනව කියල දැනගත්තු දවසෙ මම කොච්චර සතුටු උනාද කියල දන්නවද ජන්කුක්,
ම-මම *cough cough* හිතුව ඔයා ඔය හැමදේම නතර කරයි කියල ඒ අහිංසකය ගැන හිතලවත්.
ඒත් මොකක්ද උබ කරේ හුස්ම ගන්නවත් පටන් ගත්තෙ නැති උබේ ලේ ටික එක තප්පරෙන් මරල දැම්ම, මං හැමදාම, හැම තත්පරේකම මැරි මැරී ඉ-පදෙනව ජන්කුක්.
මගෙ චූටි කාලෙ *cough in blood" ඉඳන්ම මාත් එක්ක හිටපු මගෙ හොඳම යාළුවා ජිමින්ව උබ මරල දැම්ම මාත් එක්ක කතා කරා කියල. යුන්ගි suicide කරගත්තා. බලපන් උබ කොච්චර ආත්මාර්ථකාමීද කියල.

මට බෑ තවත් දරාගන්න ජන්කුක්. මට බෑ.
මට සමාවෙන්න, මං *cough hard* යනවා, මං යන්නම යනවා.

ඒත් මතක තියාගන්න මං තාමත් ආදරෙයි. ඊළඟ ආත්මෙත් මගෙම වෙන්න ජන්කුක්,හැබැයි මේ විදියටනම් එපා.."

ඒ අවසාන වචනෙත් එක්කම ටේයොන්ග් එයාගෙ අවසාන හුස්ම ජන්කුක්ගෙ
දෙ අත්වල, ඒ උණුසුම් පපුවට තුරුල් වෙලා ම මුදාහැරියෙ ජන්කුක්ගෙ ඇස්වලින් එකදිගටම කදුළු වැටෙද්දි.

"මට ස්-සමාවෙන්න ටේයොන්ග්, මාව දාල යන්න එපා.."
ඒත් ඒ වෙනකොටත් ජන්කුක් පරක්කු වැඩී.

(සමහර විට ඊළඟ ආත්මෙවත් ටේහ්යොන්ග්ව සතුටින් තියන්න පුළුවන් වෙයි ජන්කුක්ට.)


...THE END...

>_<

~Baby_Ggukieee~


පළවෙනි oneshot එකෙන්ම sad ending.

🤭


sorry for the typos..

Taekook oneshots.'ᴿᵉᑫᵘᵉˢᵗˢ ᵒᵖᵉⁿ‧'Where stories live. Discover now