✦Crush. 🔪

398 57 12
                                    


▲Top Tae.
▼Bottom Kook.

As a Point of view.(pov)

Jungkook's pov.

"මේ තරම් ලස්සන වෙන්න පුළුවන්ද මනුස්සයෙකුට.
ළා දුඹුරු පාට ඇස්, ඇත් දළ පාට හම, රෝස පාට ලිප්ස්, තද කළු කොණ්ඩෙ.
මං හිතන්නෙ එයා තමයි මේ යුනිවසිටි එකෙන් ඉන්න ලස්සනම කෙනා.
එයාව ලයිෆ් පාට්නර් විදියට තෝරගන්න කෙනා කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද?"
එයාගෙ යාළුවොත් එක්ක දඟලන ටේයොන්ග් දිහා බලලා මං මම දිහාම බලාගත්තා.

හැමදාමත් අඳින එකම ඩෙනිම, තැනින් තැන හිල් වෙලා තිබුණු ලා නිල් පාට හූඩි එක,උදේටවත් හරියට කාපු නැති මං ගැන මටම ඇතිවුනේ තරහක්.

ටේයොන්ග් දිහා බලන්නවත් ඔයාට අයිතියක් නෑ ජන්කුක්.

මං මටම කියාගෙන ඉන්ටවෙල් එකට බෙල් එක ගහපු හින්දා කැන්ටින් එකට ගියෙ ලොකුවට බඩ පුරවගන්නම් නෙමෙයි.

ටේයොන්ග් ඇත්තටම ලස්සනයි. හරියට ඒන්ජල් කෙනෙක් වගේ.
මුළු ඉන්ටවෙල් එක පුරාවටම මම හිටියෙ එයාගෙ දැඟලිල්ල දිහා බලාගෙන.
කොච්චර වෙලා බලං හිටියත් එපා නොවෙන ඒ රූපෙ මටනම් හීනයක්ම විතරයි.

කිසිම දෙයක් බඩට නොදාගෙනම කැන්ටින් එකෙන් එළියට ගියෙ ආපහු ඇහුණ බෙල් එකේ සද්දෙ හින්දා.
ඒත් ඒ එක්කම මම ගර්ල් කෙනෙක්ගෙ ඇඟේ හැප්පුණේ එයා අත තිබුණු කොෆි කෝප්පෙන් අපි දෙන්නවම නාවලා.

සමාව ගන්න එයා දිහා බලද්දියි දැනගත්තෙ ඒ වෙන කවුරුත් නෙමෙයි ටේයොන්ග්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් සාරා.

"I'm sorry Sara, හිතල නෙවෙ--"

"ශිට්, ජරා ජාතිය, බලනවා තමුසෙ හින්ද මගෙ ලස්සනම ඩ්‍රස් එක නාස්ති උනානෙ. අනික මගෙ ඇඟෙත් වැදුණා, හොරි ඒම නෑනෙ උබට, දැන්මම නාගන්න වෙයි වගේ"
ඒ කියපු කිසි දේකින් මට රිදුනෙ නෑ. මොකද ඒ හැමදේම දැන් පුරුදුයි.
ඒත් සාරා යටි ගිරියෙන් බෙරිහන් දෙද්දි එතනට සෑහෙන ළමයි පිරිසක් ආව ටේත් එක්කම.

"ඇයි බබා, මොකද උනේ?"

"අයියෝ බලන්න ටේ, මේ මෝඩ කොල්ල මගෙ ඇඟේ හිතලම හැප්පිලා මගෙ මුළු ඩ්‍රස් එකම කාලා දැම්ම,"
සාරා ටේයොන්ග්ගෙ අතේ එල්ලීගෙන කෑ ගැහුවත් පොඩි පැල්ලමක් ඇරෙන්න වෙම කිසිම දෙයක් වෙලා තිබුණෙ නෑ.

Taekook oneshots.'ᴿᵉᑫᵘᵉˢᵗˢ ᵒᵖᵉⁿ‧'Where stories live. Discover now