Chapter 7

440 104 130
                                    

ටේහියොනුයි ජිනුයි දැන් පැයක් විතර තිස්සෙ කැලේ පුරා ඇවිදිමින් කෑ ගහ ගහ ජිමින්ව හොයනවා. ටේට ඇඩෙන්න වගේ එයා තමන්ගෙ ෆෝන් එකත් උඩට උස්ස උස්ස සිග්නල් හොයන්න ගත්තෙ ජින්ටත් කෑගහන ගමන්. ඒ එක්කම වගේ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවම සිග්නල් අහු උන සතුටට උඩ පැන්නත් ස්ක්‍රින් එකේ තිබ්බ නම දැක්කම තමයි ටේට තරු පෙනුනෙ.

"හියුන්ග්! ආන්ටි කතා කරන්නෙ. අනේ මං මොකද්ද කියන්නෙ. මට නම් බෑ බැනුම් අහන්න." ටේ ෆෝන් එක ජින්ගෙ දිහාවට දික් කරලා බයෙන් වගේ බලන් හිටියා. ජින් එයාගෙ අතින් ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කරා.

" යාහ්...ටේහ්‍යුන් !!! ඇයි ජිමින්ගෙ ෆෝන් එක වැඩ නැත්තෙ? මම මේ ගොඩක් වෙලා ට්‍රයි කරලා කරලා ඔයාවත් කන්ටැක්ට් කරගත්තෙ." ආන්ටි ලෝරියා ආන්සර් කරපු ගමන් බනින්න ගත්තම ජින් නියපොතු හප හප එයාගෙ ඉස්සරහා බලන් ඉන්න ටේ දිහා බැලුවා.

" හායි ආන්ටි. මං ජින්. "

" ආහ්..පුතා. කොහෙද අනේ මේ ලමයි?"

" ඔව් ආන්ටි. මෙයාලට මං පාඩම් වගයක් කියලා දුන්නා මේ දැන් වොශ් එකක් දාගන්න ගියා විතරයි. ෆෝන්ස් මං අරගත්තෙ ඒ වෙලාවෙ. කොහෙද තිබ්බ හදීසියට ඒවත් දාලා ගිහින්නෙ. මං හිතන්නෙ ජිමින්ගෙ ෆෝන් එකනම් ඕෆ් කරලා මට දුන්නෙ. අනික ආන්ටි මෙහෙට හරියට සිග්නලුත් නෑ." ජින් බොරුවක් කියද්දි ටේ කටත් ඇරන් බලන් හිටියෙ පුදුමෙන්. ඇයි ඉතින් පුදුම වෙන්නෙ නැද්ද ප්‍රොෆෙසර් ජින් කියන්නෙ නීතියට සාධාරණේට වැඩ කරන කෙනෙක්නෙ. බොරු කියන්න ආසම නෑනෙ.

"එහෙමද මං ටිකක් බය උනා. පුතා ඉන්නවනෙ දැන් ඉතින් බයක් නෑ. එහෙනම් ඔය දඟ මලු දෙක මතක් කරා කියන්නකො ආවම. ආහ් ජිමින්ට කියන්න වෙලාවක් හම්බුනාම කෝල් කරන්න කියලා හරිද?" මිස් ලෝරියා එහෙම කියලා හිනා උනා.

" හරි ආන්ටි මං කියන්නම්. පරිස්සමෙන් ඉන්න." ජින් ෆෝන් එක කට් කරලා ටේගෙ අත් උඩින් තියලා ඉස්සරහට ඇවිදන් ගියේ මහ ලොකු වැඩක් කරපු වීරයෙක් වගේ. ටේත් ජින්ගෙ ශර්ට් එකේ එල්ලිලා පස්සෙන් ඇදුනෙ ජින්ගෙන් ප්‍රශ්න දාහක් අහන ගමන්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝚃𝙷𝙴 𝚆𝙷𝙸𝚃𝙴 𝚂𝙴𝚁𝙿𝙴𝙽𝚃 𝙾𝙵 𝚃𝙷𝙴 𝙼𝙾𝙾𝙽 𝙰𝙽𝙶𝙴𝙻Where stories live. Discover now