Episode 2

344 104 38
                                    

පංතියට ගිහින් වාඩි උනා විතරයි ඉතිහාසය මිස් පංතියට දුවගෙන ආවේ නිකන් ආයේ අපිට උගන්නන්න හම්බෙන්නෑ වගේ....

"මේ ජිමිනා...වැඩිපුර පොතක් තියේද....මට ඉතිහාසය පොතක් නෑනේ බම්..." මං ජිමිනාගේ කනට කරලා ඇහුවේ අරයට පේන්න හරි පොතක් තියාගන්න ඔින නිසා.

"උබ නම් අනේ මන්දා ටේ...ආ මේකේ ලියපන්......." මොනා උනත් මගේ කුකුල් පැටියා හරි හොද එකා..බැන බැන හරි මට උදව් කරනවා.

"අනේ බලන්න මගේ හා පැටියගේ ලස්සන..." මං ඉස්සරහම පේලියේ ඉදන් පාඩම අහන් ඉන්න මගේ පරම පිවිතුරු පෙම ‌දෙස බලන් ජිමිනට කිව්වා.

"උබ වගේ නෙවෙයි ජන්කුකා ඉගෙන ගන්නවා......." පොල්ලෙන් ගැහුවා වගේ මේ උලමා ඒක කියපු කැත.

"ඒම කතා කරන්න එපා උබ...මට හරියට පොත් නැති උනාට මං පංතියේ අන්තිම දහ දෙනා අතර ඉන්නවා..." මූට කෝමත් මේ දේවල් තේරෙනවා අඩුයි.

"යැයි යැයි තමා...කට වහන් අහන් හිටපන්....අනික උබ කුක්කට ලයින් දැම්මට එයා උබට කැමති නෑනේ......" හදවත කෑලි කෑලි වලට කැඩුවා මේ ගස් නරියා.

"පලයන් යන්න..දවසක බලන්නකෝ මගේ කුකී මට තුරුල් වෙලා පෙම් සුව විදිනකොට උබට තේරෙයි......" ඇත්තටම ඒම දවසක් එයිද දන්නෑ.

"ටේයොන්ග්...කියන්න බලන්න මොනාද ඔච්චර කල්පනා කරන්නේ.." හරිනේ ඉතින්..උගන්නන්න ආවා නම් ඒක කරන්න ඔින..එයාට මොකටද මං කල්පනා කරන එක..මේ ගෑනු නම්.

"නෑ මේකයි ටීච මං මේ හිතුවේ නිව්ටන්ගේ නියම තුනක් විතරක් තීන්නේ කියලා...දැන් බලන්න මිස් නිව්ටන්ගේ නියම වලින්........." මං උගේ නියම තුන හරියට දන්නෙත් නෑ.

"බල්ලෝ මේ ඉතිහාසය...නිව්ටන් ඉන්නේ විද්‍යාවට...‌" හුටා මං මොනාද මේ කියෙව්වේ..මූත් දැන්නේ කියන්නේ.

"නිව්ටන් කොහෙද ලමයෝ මේ පාඩමේ...." මිසුත් කම්පියුස් වෙලා ඒයි.

"ආහ් නෑ මේකයි මිස්...." මේ වෙලාවට වචන එන්නෙත් නෑ.

"මොන ලෝකෙද ටේයොන්ග් ඉන්නේ........." කෝම කියන්නද මිස් මං ඉන්නේ ජන්කුකී බබාගේ ලෝකේ කියලා.

"කිම් ටේයොන්ග් කොහෙද ඒ පාර ඔය යන්නේ........." යකූ වයසට ගියාට මිස්ගේ කටේ සද්දේ.

Cute LoveWhere stories live. Discover now