1: drunk tae tae ( part 2)

447 64 24
                                    

*ම්...

ම්ම්....

ම්ම්ම්ම්ම්...

මන් කොහෙද මේ ඉන්නේ...

මගෙ ඔලුවට හෙන ගහලද මෙච්චරටම රිදෙන්නේ...ඇස් දෙක උඩින් ගල් තියලා වගේ...

ඔහ්... ඇයි වටපිට මෙච්චර සුදු.....ඕයේ... මන් දිව්‍යලෝකයට ඇවිත් ද...

ඒත් ඒක වෙන්න පුලුවන් දෙයක් නෙමේනේ...

මන් චිමීට කරන බලපෑම් එක්කලා මන් යන්න ඕනි වටේම රතුපාට ගින්දර එක්ක උසම උස කටු ගහක් තීන තැනකටනේ...*

ඇස් දෙක ලාවට ඇරන් වටපිට බලපු මන් හිතුවා..

"මාර සැහැල්ලුවක්නේ දැනෙන්නේ...ම්හ්.."

මන් අතපය දිගෑරලා ලොකු ඈනුමක් ඇරියා..

ඒ එක්ක මගේ අතේ මොකක් ද පැටලුන නිසා මන් ඇස් දෙක හොදට ඇරලා ඒ දිහා බැලුවා..

අතේ තිබුන එක දැක්කම මන් කට අතකින් වහගත්තා..

*දෙයියනේ මේ මගේ ශෝර්ට් එකනේ... ඒක කොහොමද මෙතන...*

මන් පුදුමෙන් වටපිට බලුවම දැක්කේ ඇද වටේට එක එක ඇදුම් වැටිලා තීන විදිහයි.

මන් ඒ එක්කම ඩුවට් එක ඇතුල්ට ඔලුව දාලා බැලුවේ මගේ ඇගේ ඇදුම් තීනවද නැද්ද කියලයි..

සැහැල්ලු ඇදුම එහෙ මෙහෙ වෙලා තිබුනත් ඇගේ ඇදුමක් තිබුන එක මට සහනයක් උනා...

*පොඩ්ඩක් ඉන්න...මන් මෙහෙම එකක් ඇන්දා කියලා මට මතක නෑනේ..😳*

මන් එහෙම්මම ශර්ට් එක ඇතුල්ට ඔලුව ඔබා ගත්තා..

අනේ දෙවියනේ මොකක් ද මේ වෙලා තීන්නේ...

*ආ... කොහොමද මෙහෙම දෙයක් උනේ... මන් කාත් එක්කද...???ආආඅ

කොහොමද චිමීගේ මූනවත් බලන්නේ...එයා මාව කොච්ව්ර උපදෙස් දීලද එව්වේ...

අනේ දෙවියනේ මන් දැන් මොකද කරන්නේ...*

මන් මගේ කොන්ඩ ගස් ඇදගන්න ගමන් කල්පනා කලා...

මන් වයින් බිව්වා මතකයි ඒත් මෙච්චර දෙයක් උන විදිහ ඇයි මතක් වෙන්නැත්තේ..

හොදයි මන් බීලා හිටියත් අනිත් එකා හොද සිහියෙන්නේ ඉන්නැත්තේ..

Vmin one shot collection  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now