එදා ජිමින් ටේටේ එක්ක ගොඩාක් වෙලා කතාකරා..
මොනම හේතුවක් නිසාවත් පාඩම් වැඩ මිස් කරගන්න එපා කියලා එයා ටේටේට උපදෙස් දුන්නා.
මොකද මොන දේ නැති උනත් උගත්කම අපි ලග ඉතිරි වෙනවනේ..
එදා ලෙක් එක්කුත් මිස් කරන් කතාකරපු දෙන්නා කතාව ඉවර කරේ තාවකාලික යාලුවෝ විදිහට..
එයාලා එයාලට මිස් උන ලෙක් එකේ දේවල් හරුගෙන් ඉල්ලගෙන කවර් කරගත්තා.
කාලය ගෙවිලා යද්දි විමින්ලත් යූන්ජින් නම්කුක් වගේ කපල්ස් උනා..
යුනි ඉවරවෙලා වෙනදට කෙලින්ම ගෙවල්වල යන ජෝඩුව පොඩ්ඩක් පාර්ක් එකේ කැරකිලා එන්නත් පුරුදු උනා.
ඒ යුනි එකේදි එයාලගේ තොරතුරු බෙදගන්න ඉඩකඩ ලැබෙන්නැති නිසා.
"ඉතින් එහෙමද ඔය දෙන්නා හොද යාලුවො උනේ.."
"ඔව්..එදා හරු මට කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ.."
"හ්ම්ම්..එයා ගොඩක් හොද ලමයෙක්.."
"ඔව්....ඒ නිසයි එයා පොඩිකාලේ ඉදන් මේ වෙනකන්ම මගේ හොදම යාලුවා වෙලා ඉන්නේ.."
"ඒ හොදම යාලුවා නිසා අන්තිමට ඔයාට මාවත් ලැබුනා නේද.."
"මට ඔයාව ??"
"නෑ ඔයාට මගේ ආදරේ ලැබුනා..😄"
ජිමින් ටේටේගේ කොන්ඩෙ අවුල් කරනගමන් කිව්වා.
"හ්ම්ම්..මේ ඒක නෙමේ..හරුගේ 22 දෙවෙනි උපන්දිනේ මේ 27 වෙනිදා ලබනවා..මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ."
"ම්ම්..අපි එයාට සප්රයිස් පාටි එකක් ලෑස්ති කරමු.."
"ඒකනම් එයගේ ගෙදර අය හැමදාම කරනවා.."
"අපි ඒක වෙනස් විදිහකට කරමු..එයා වැඩිපුරම කැමති තැනක එයා කැමති දේවල් එක්ක."
"ම්ම්...එයා වැඩිපුරම ඉන්න කැමති තැනක් තමයි බීච් එක කියන්නේ..එයා ආසයි සී ෆුඩ් වලට..එයාව පුන්චිම පුන්චි දේකින් උනත් සතුටු කරන්න පුලුවන්.."
YOU ARE READING
Vmin one shot collection //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) [16 story] විමින් සිංහල