28.

839 205 1
                                    

උදෙන්ම නැගිට්ට ටෙයොංග්ට දැනුනෙ එයාගෙ බද වටේට එතිලා තියන අතක්...
එ එක්කම  එයාට මතක් වුණා ඊයෙ රෑ ජංකුක් එයාල ඒ  ඇඳේම නිදාගන්න කියලා කිව්වා විදිහ... ජංකූක් ව තනි කරන්නත් බැරි නිසා ටෙයොංග් ඊයේ ජංකුක් ගෙ ඇගේම නිදා ගත්තා..... ජංකූක් පුංචි හා පැටියෙක් වගේ ලස්සනට නිදියගෙන ඉන්න විදිහ දිහා ටිකක් වෙලා බලං හිටිය ටෙයොංග්  ආදරෙන් ඒ ඔලුවත් අතගාලා ඉක්මනට ඇදෙන් බැහැලා ගියේ කොලේජ් යන්න ලෑස්ති වෙන්නයි.....

.
.
.
.
.
.

කාලෙ ගෙවිලා ගියා. ටෙයොංග් ජංකූක් දෙන්නා දැන් ඉන්නේ කොලේජ්  එකේ. එයාලා ඉදං ඉන්න බංකුවේ ඉස්සරහින් ඇනබෙත් එක්ක රෝසුත්  ඉඳගෙන හිටියා... ඇනබෙත් හිටියේ චිත්‍රයක් චිත්‍රයක් අඳිනගමන්.

" ඇත්තටම ඔයාට ලස්සනට චිත්‍ර වෙන්න පුළුවන්" ටෙයොංග් ඇනබෙත්ගෙ චිත්‍ර දිහා බලං හිමින් අහද්දි ෆෝන් එක ඔබ ඔබ හිටිය රෝස් ඉක්මනට ටෙයොංග් දිහාත් ඇනබෙත් දීහාත් බැලුවා....

" ඔ.. ටෙයොංග්... ඔයාට චිත්‍රයක් ඕනනං මට උනත් ඇදලා දෙන්න පුළුවන්...." රෝස් නිකටට අත තියලා ටෙයොංග් ගාවට නැවෙන ගමන් ඒම කියද්දි ඇනබෙත් රෝස්ට පොතකින් ගැහුවා...

ජංකුක්ට නං ඒකට හිනා ගියා.. ඒත් එ එක්කම කොහෙද මන්දා ඉදං ස්කේටිං බෝඩ් එකක ජිමින් එතනට ආවා..
බේරේක් කරගන්න බැරි උන ජිමින් ඇවිත් මේසෙ වැදුන පාර ඇනබෙත් ඇධ ඇද හිටිය චිත්‍ර උඩට පේන්ටිං බෝතලෙත් පෙරලුනා..

" යා... ජිමින්...... කොහෙද උබ ඕම උඩ බලං යන්නෙ ආ...." ජංකුක් ඇහුවෙ තව ඩිංගෙන් එ තිත්ත ටික එයාගෙ ෂර්ට් එකටත් වැටෙන නිසයි.. ඇනබෙත් නම් කේන්තියෙන් ජිමින් ට රැව්වා.

.
.
.

" අනේඒඒඒ........ මං හිතලා කරේ නෑඈඈ...... මං මේ ටකස් ගාලා දුවගෙන ආවෙ අපි යන කෑම්පිං ට්‍රිප් එකට නම් දාන්න යං කියලා කියන්න..... " ජිමින් හැමොම දිහා බලං කිව්වා.

" සීනීයර් කෙනෙක් මට ඔක්කොම විස්තර කිව්වා.... මේ... දැං හැමෝම යනවා නේද ආ.... හරිනෙ..." ජිමින් ඇහුවෙ ජංකුක් දිහාත් ටෙයොංග් දිහාත් වැඩිපුර බලමීන්.
.
.
.
.

" ටෙයොංග් යනවා නම්.... මාත් යනවා... " රෝස් කියද්දි ඇනබෙත් පුදුමෙන් වගේ එයා දිහා බැලුවා..

Golden Blood [ Taekook ] ✅ Where stories live. Discover now