Chapter 2

207 24 19
                                    

Jin's pov.

'යූ ගොට් ද බෙස්ට් ඔෆ් මී........'

"ආශ්....මෙච්චර ඉක්මනට උදේ වුනේ කොහොමද?මං දැන් ටිකකට කලින් නේ නිදා ගත්තේ......"

මම ඇස් පියාගෙනම නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන ෆෝන් එක ගන්න හැදුවත් මට ඒක කරන්න බැරි වුනේ හෙලවෙන්න බැරි වෙන තරමටම මම මොකක හරි හිර වෙලා හිටපු හින්දා.ටික වෙලාවක් ඒ විදිහටම හිටපු මට මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම තේරුම් ගියා.

"ජන්ග්කූ...ක්"

"අයින්වෙන්න මගෙ ඇග උඩින්"

"හිතන් ඉන්නේ ඔයා කුරුලු පිහාටුවක් වගේ කියලද ?"

"මට අමාරුයි මනුස්සයෝ..."

මම ජන්ග්කුක්ව අයින් කරන්න අසාර්ථක උත්සහායක යෙදෙන ගමන් කෑගැහුවා.
ඒත් නෙමෙයි මේ මනුස්සයට ඇහෙන්නේ...
ආශ්.....ගල් ගෙඩිද මන්දා කන්නේ.පුදුම හයියක්නේ තියෙන්නේ මෙයාට.

"ජන්ග්කුකී අහන්නකෝ,අද අපිට ගමනක් යන්න තියෙනවා.
දුර ගමනක් හරිද?
ඔයා දැන් නැගිටුනේ නැත්තම් අනිත් අය අපිව දාලා යයි.
ඔයා කැමතිද මෙහෙට වෙලා ඉන්න, තනියම දවස් පහක්? ටේයි ජිමිනියි නැතුව ඔයාට පාලු හිතෙයි..."

මම ටිකක් හොදින් එයාට කතාකරා.ඇත්තටම මගේ පණ යනවා මෙයාව ඇහැරවන්න ගියාම.අවුරුදු 22ක් වෙලත් තාමත් පොඩි එකෙක් වගේ.

'එයාලා නැතුවට කමක් නෑ,මගේ ජිනී හ්‍යුන්ග් ඉන්නවනේ මං ළග....'

"මොකද්ද ජි-නී???"

මට හුස්ම ගන්නත් බැරි වෙන තරමටම එයාගේ අඩු වගේ අත් වලින් මාව තවත් තුරුලු කරගත්තේ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

"මොකද්ද කරන්-නේ කුකී.ම-ට ය-න්න දෙන්-න කෝ."

'තව ටිකක් නිදා ගමුකෝ හ්‍යුන්ග්...'

ඒ පාර නම් එයා මාව ටිකක් ලිහිල් කරා.අම්මෝ මං හිතුවේ මම මැරෙයි කියලා...

"ඔයා එහෙනම් නිදා ගන්න ඇති වෙනකම්,මට යන්න දීලා.
ඇයි අනේ ඔයාට ලොකු රූම් එකකුයි තඩි ඇදකුයි තියෙද්දී මගෙ අස්සටම  එන්නේ?"

'මට ඕනි නම් මං එනවා.'

~හ්‍යුන්ග්.....

ජන්ග්කුක් ඉද්ද ගැහුවා වගේ ඉක්මනින් නැගිට්ටේ ජූන් කතා කරපු නිසා.

My Panacea |Jin×Kook|Where stories live. Discover now