Chapter 15

43 6 25
                                    

කුකී කිස් එක නවත්තන්නේ නැතුවම මාව ගොඩාක් පරිස්සමට බෙඩ් එකෙන් තියලා එයා මගේ එහා පැත්තෙන් ඇල වුණා..තත්පර විනාඩි ගණන් වෙනකම් ඇදිලා ගියපු කිස් එක අපිට හුස්ම ගන්න අමාරු වෙනකොට නතර කරන්න වුණා..
ජන්කුකී මගෙ ඇස් දිහාම බලන් ලේ පිරිලා තිබුණ මගේ කම්මුල් හරිම සිනිඳුවට අතගෑවා..එයා මගේ ඇස් දිහා බලන් හිටියේ අවසර ඉල්ලන්න වගේ...

මම එයාගේ සිනිඳු කෙස් අතරින් මගේ ඇඟිලි යවන ගමන් ආයෙත් එයාව කිස් කරන්න ගත්තා..මන් දන්නෑ මට මොකක් වෙලාද කියලා..එයාගේ ලිප්ස් වලට මාව මත් වෙලා වගේ මට දැනුණා..ඇල්කොහොල් නැතුවම මාව මත් කරන්න එයාගේ චූටි තොල් වලට පුළුවන් වෙලා..මට මොහොතකටවත් එයාගෙන් ඈත් වෙන්න ඕනි වුණේ නැහැ..තව තවත් එයාවම ඕනි වෙන්න ගත්තා..
මම කිස් එක අතරින්ම එයාගේ දුහුල් ශර්ට් එකේ බට්න්ස් ගලවලා ඕපන් කරලා එයාගේ රස්නෙම රස්නේ පපුවට තවත් තුරුල් වුණා..මන් දන්නවා කුකී මම ඒ කරපු දේ එක්ක ගොඩාක් පුදුම වෙන්න ඇති...මටත් පුදුමයි මං ගැන...
ඒත් මට මේ වෙලාවේ ඕනි මගේ කූ විතරමයි....

කිස් එකෙන් පටන් ගත්තු ඒ ලස්සන ගමන ගොඩාක් දුරකට ඇඳිලා යනකොට අපේ කෙටි සුසුම් වල සද්දෙන්,මගේ කටින් කූගේ නම පිටවෙන හීනි සද්දෙන් මුළු රූම් එකේම නිහඬ බව බිඳුනා..
කීපසැරයක්ම අපි අපේම වෙනකොට අපි දෙන්නට ගොඩක් මහන්සි දැනුණත් මටවත් කුකීටවත් මේ මොහොත කීයටවත් නැති කරගන්න ඕනි වුණේ නැහැ..අපි දෙන්නම අපේම ලෝකෙක අතරමං වෙලා හිටියා..
ඇත්තටම කාලේ දැන් නවතිනවා නම්...මට මේ මොහොත ඉවර වෙනවා දකින්න කීයටවත් වුවමනා වුණේ නැහැ..මේ ලස්සන හීනේ හැමදාටම හිර වෙලා ඉන්න මට ඕනි වුණා..

බැල්කනි ලයිට්ස් වලින් විතරක් එළිය වෙලා තියෙන අඳුරු රූම් එකේදි කුකීගේ ලස්සනට තරු වගේ
දිලිසෙන,නොසෑහෙන්න ආදරය පිරිලා තියෙන ඇස් දකිනකොට මම තව තවත් ඒ මලානික එළිය පිරුණු අඳුරට ආසා කරා..
කොච්චර මහන්සියක් දැනුණත් ,ඇස් නින්ද ඉල්ලුවත් මම මගේ කුකීගේ රස්නේ පපුවට තුරුල් වෙලා එයාගේ හැඟීම් ගොඩාක් පිරුණ බෝල ඇස් දිහාම බලන් හිටියා..වචන වලින් නැතත් මම එයාගේ ඇස් එක්ක කතා කර කර හිටියා..එයත් මහන්සි පිරුණු මගේ ඇස් දිහාම බලාගෙන මගේ ඔලුව හෙමීට අතගෑවා..ඒ සනීපෙටම මට නින්ද යන්න ගන්නකොට මම මාව නවත්තන්නේ නැතුව හිටියා..ටිකකින් කුකීගේ සීතල තොල් මගේ නළලේ තැවරෙනවා දැනෙනකොට මම තවත් එයාගේ අස්සටම ගුලි වෙලා නින්දට වැටුණා..

My Panacea |Jin×Kook|Where stories live. Discover now