ℓσνє αт ƒιяѕт ѕιgнт 01

97 15 7
                                    

වසන්ත සමය උදාවෙලා තිබුණ නිසා හතර වටෙන්ම ඇහෙන්නේ කුරුළු කටහඬ. හුලග යන එන පැති වලට ගස්වල අතු රිකිලි එහෙට මෙහෙට පැද්දුනේ හුලග එක්ක ගස් කතා කරනවා වගේයි. වෙලාව උදේ හයට විතර ඇති. ඈතින් පේන රූස්ස ගස් පෙනුනේ හරියට මීදුම අතරින් අහසට මුහුණලා තියෙන විශාල කදු පන්ති වගේ.

"Oh shitt...."

දඩාස් ගාලා හයියෙන් ඇදලා වහන දොර කෙලින්ම බිමට වැටුණෙ එතනම ලී වලින් හදලා තිබුණ outdoor figure එක උඩට. වීදුරුවත් කෑලී කෑලී වලට කැඩිලා ගිහින් frame එකත් බකල් වෙලා තියෙන විදිය දැකපු නම්ජුන් ඉනට අතක් තියාගෙන අනික් අතින් නලල අත ගගා බලන් හිටියේ ඊට කලින් දවසෙත් අලුතින්ම දොර හැදුව නිසයි.

"shitt ආයේම මේක කඩා ගත්තනේ...වේ වේ...නම්ජුනා වේ....අයිෂ්...."

දොර උස්සලා පැත්තකින් තියලා ලෑල්ලක් උස්සගෙන ඇවිත් දොර වගේ හේත්තු කරලා මොනීව ගැට ගහලා ගියේ කෝකටත් ගෙදර ආරක්ෂාවට කියලා.

Author POV:

නම්ජුන්ගේ ගෙදර තිබුනේ ඉල්සාන් වල තරමක් ඇතුලට වෙන්න වගේ. ගෙදරට ටිකක් එහාට වෙන්න lake එකක් එක්ක තිබුණ කෙටි පාරෙන් පුරුද්දක් විදියට හැමදාම උදේට නම්ජුන් jogging කරන්න පුරුදු වෙලා හිටියා. නම්ජුන් කියන්නේ author කෙනෙක්. ජීවීතය සම්බන්ධ, සමාජය වෙන නොවෙන දේවල් ගැන, කලාව ගැන නම්ජුන් අතින් ලියවුණු පොත් මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. පිට පිට හොඳම ලේඛකයාගේ සම්මානත් දිනාගෙන තිබුණ නම්ජුන් සෙසු ලේඛකයන්ට ඇත්තටම අභියෝගයක් උනා. නම්ජුන් ගොඩක්ම කැමති උනේ හුදෙකලා ජීවීතයකට. ඒ නිසාමයි මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති තැනකින් උනත් පදිංචි වෙලා හිටියේ.

📲 යොබුසේයෝ

📲.......

📲 ඔහ් ජිමිනා....after very long time...

📲 මොන very long timeද හියොන්? මං පෙරේදත් කතා කළේ.

📲 ඊයේ කතා කලේ නෑනේ. ඒකයි. මොකෝ මෙච්චර උදෙන්ම?

📲 උදෙන්ම? අහ් මං වෙලාව බැලුවේ නෑ. හියොන්ට උදේ උනාට මට හවසනේ. මියනේ මියනේ....මං එවපු invitation එක හම්බුනාද අහන්න කෝල් කළේ.

𝐂𝐀𝐌𝐄𝐋𝐋𝐈𝐀 [√]Where stories live. Discover now