💚...3️⃣6️⃣...💖

288 85 39
                                    

..

..

..



   ඉල්ලුව දේ හරිද වැරදිද කියලා මං ආය හිතන්න ගියේ නෑ..එයා දැනටමත් මට කැමති. ඒ වගේම අපි දෙන්නා ඉක්මනටම මැරි කරනවා..බේබි ශූස්ට මොනා උනාද කියන්න දන්නෙ නෑ..ඒ උනත් මට ඕන එයාගේ ආදරේ ලබන්න.මේ මැරේජ් එක වෙන්නේ එයාගෙත් කැමැත්තෙන් උනත් මට ඕන උනා අපේ ඇගිලි එකට බැදෙන්න කලින් ඒ හිතත් එක්ක බැදෙන්න..මට විස්වාසයි මං වැරදි නෑ කියලා..නොකිව්වා උනත් කැමැත්තකට එහා ගිය හැගිමක් මං වෙනුවෙන් ඒ ඇස්වල තියෙනවා කියන එක මට පේනවා..ඒකේ ආයේ දෙපරක් බලන්න දෙයක් නෑ..ඉතින් මං වැරැද්දක් නෙවේ කරන්නේ..ආදරේ තියෙනවා කියලා දැන දැන ඒ ආදරේ ඉල්ලන එක කොහොමටවත් වැරැද්දක් නෙවේ..

..බෝබෝ..කතා කරන්නකෝ..

     මං කිව්ව දේ කොහොම බලපෑවද කියන්න දන්නෙ නෑ ඒත් එයා ඇස් ලොකු කරන් මගෙ දිහාම බලන් හිටියා..පුදුමෙන්ද වෙන දේකින්ද කියන්න දන්නෙ නැතිව ඒ ලොකු උනු ඇස්වලින් ලොකුම ලොකු කදුලු බින්දුවක් කඩන් වැටෙද්දි මට බයක් දැනුනා..මං අඩන්න තරම් දෙයක් එයාට කිව්වේ නෑනේ..මේ හුලග නිසා එයාට මං කිව්ව දේවත් ඇහුනේ වැරදියටද..මං ඉක්මනටම ඉස්සිලා එයාගේ කදුලු බින්දු පිහින්න හැදුවත් ඊට කලින් මාව එයාගේ අත් අස්සට හිර උනා..උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව මං එයාට හිර වෙලා ඉද්දි අතාරින්න බයේ වගේ එයා තව තවත් මාව තද කර ගත්තා..

..ඒක ඇ..ත්ත නේද..බ..බී...ම්ම්..මට ඇත්ත..ටම ඔයාට ආදරේ කරන්න පුළුවන් නේද..ඔයා ඒක ඇත්..තටමයි නේද කිව්වේ..

  එයාගේ කටහඩ ඉකියක් එක්ක බිදිලා.ඇහෙද්දි මං හිර වෙලා හිටියත් එයාගේ ඔලුව අතගෑවා..

..ඔව් බෝබෝ..ඇත්තටමයි කිව්වේ..අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නම් ඒ බැඳීම ආදරේකින්ම පටන් ගන්න එක හොද නැද්ද..

..කමක් නෑ..නේද මං ඔයා..ට ආදරේ කලා..ට..

..මොනාද මේ අහන්නේ මෝඩයෝ..කමක් නැති නිසානේ මං කිව්වේ මට ආදරේ කරන්න කියලා..

  ඒත් එක්කම එයා මගෙන් ඈත් වෙලා මගෙ මූන දෙපැත්තෙන් අත් තියලා අල්ලගත්තා..

🌟YOU ARE  A  DREAM 🌟(Yizhan Completed  Ff )Where stories live. Discover now