❤️-------Chapter 01-------❤️

1.1K 74 42
                                    

ලස්සන පුන්චි ගම්මානෙක තියන සීතල හුලග පවා පුදුම සැහැල්ලුවක්.ඊටත් වඩා ඒ හුලගත් එක්ක දිග හුස්සමක් මුහු උනොත් ඒ හුස්ම ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න පුලුවන් තරමට සැනසීමක්...තත්පර ගානකින් ඒ හුස්ම ටික ලේසියෙන් අත අරින කෙනෙක්ට තේරෙයි ආයේ ආයෙම ඇගේ වැදි වැදි යන ගම්මානේ හුළං පාරවල් වලට එහෙම් පිටිම්ම එක එක විදිහේ හැගීම් ගොන්නක් හිතට අස්සට ඇතුල් කරන්න පුලුවන් මායාවක් තියනවා කියලා ..

ඒ වගේම පාන්දර ජාමේ වෙද්දි කුට්ටි කපන්න පුලුවන් තරමේ සීතල මීදුම අස්සෙන් පෙනි නොපෙනි යන පාරවල් අස්සෙන් ඈත බලන කෙනෙක්ට හිත ටිකක් නොසන්සුන් වෙන්න බැරි කමකුත් නෑ.මොකද ඒ මොහොතේ අවට තියෙන දැඩි නිශ්ශබ්දතාවය නිසාත් අලු පාට ,කලු පාට මිශ්‍ර වී නිර්මාණය වන අත්භූත පාට නිසාත් එක පාර හිතට බයක් ඇතිවෙන එක හරිම සාමාන්‍ය දෙයක්.

බොහෝ වෙලාවක් ඉදන් ඉරත් එක්ක ඔට්ටුවෙන මීදුම ටිකෙන් ටික පරාජිතයෙක් විදිහට පිටමං වෙනවා එක්කම වටපිටාවේ සැබෑ ලස්සන බලාගන්න පුලුවන් .ඒක හරියට ඉරට පුලුවන් හැමතිස්සෙම ජයග්‍රහණය කරන්න කියන දේත් අගවගෙනවා වගේ දෙයක් .ඒ එක්ක ඇහෙන කුරුල්ලොන්ගේ හඩ ඉරට පස්සේ ඇහැරෙන මල් වගේම ඒ මල් වල සුවද නිසාම කාටද පුලුවන් තවත් ලොකු පෙරවනයක් අස්සට වෙලා ඉන්න . අනේ කාටවත් බෑ.ඒ නිසයි මිනිස්සු උදේ පාන්දර ඇහැරිලා වැඩ පටන් ගන්නේ.....

ඒ වගේ ගම්මානවල මහාලොකු කාර්‍යබහුල බවක් නැති උනත් උදේ පාන්දර හැම කුස්සියකින්ම වගේ තරගෙට අහසට එකතුවෙන දූමයන්නන් මේ කතාව වැරදි කියලා ඔප්පු කරනවා... කුස්සිය අස්සේ තැම්බෙන්න පොරකන කෑම ජාති වලින් උදේම වට පිටාවේ ඇති මල් සුවදට පවා අභියෝග කරද්දි කාගේ කාගෙත් බඩවල් වල පනුවෝ ඉබේටම නටන එක පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි.කුස්සි වලින් පිටවෙන දුම් ,උදේ කෑම වේල
ගෙදරින් පිටත් වෙන්න හදන ස්වාමිපුරුෂයින් ඒ පිටිපස්සේ දුවන නෝන හාමිනේලා ........
ඇත්තටම එක අතකින් එලියට පෙන් නැති උනත් උදේ වරුව කියන්නේ ගෙදරක එක විදිහක යුද්ධයක් .

මේ වගේ එක එක සිද්දින් ගණනාවක් සිද්ද වෙන මොහොතවල් වල මලගිය ඇත්තෙක් ගානට ඉන්න පුලුවන් ජිවියොත් ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද.....ඔව් එහෙම අය ඉන්නවා.ගෙවල් වල පොඩි ඈයෝ අන්න එයාලට පුලුවන් ලෝකේ පෙරලුනත් හොඳට නිදාගන්න.මොකුත් නොවිච්ච ගානට තම්බලා දෙන එක කන්න.කාලා තව දෙවනි වටයක් යන්නත් පුලුවන් විශ්මිත බඩකුත් දෙවියෝ දීලම තියන එක පුදුමයක්.

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕃𝕠𝕧𝕖𝕣𝕤 💜️ᏖᏦ💚 - [Completed]Where stories live. Discover now