❤️-------Chapter 02-------❤️

442 52 15
                                    


ඕක් ලියෙන් තැනුණු දෙමහල් නිවසක් ...........
ඇත්තෙන්ම දෙමහල් කිව්වත් එතරම් සුඛෝපභෝගී නොවුන නමුත් ඕනේම අයෙකුට වාසය කිරිමට තරම් ප්‍රියමනාප නිවසක් වුනා.
පහල මහලේ කාමර දෙකකුත් සාලයක් කුස්සියක් සහ වැසිකිළියකුත් තිබුණා.ඉහල මහලේ එක කාමරයක් පමණක් තිබු අතර එය ටේහ්‍යුන්ගේ කාමරය බවට පත් වුනා.

ජනේල දෙකක් සතිත කාමරය කුඩා වූවක් වූ නමුත් දෙදෙනෙකුට පමණ සෑහෙන තරමේ එකක් වූ නිසා කැමති පරිදි කාමරය සකසා ගැනීමට ඔහුට පුලුවන් වුනා.....

කාහපාට බල්බ් වලින් අලංකාර වු ඔහුගේ කාමරයේ තැනින් තැන එම බල්බ් වැල් නියමිත ස්ථාන වල තිබීම නිසා ඒකාකාරීව කාමරය පුරාම එළිය විහිදුනා. කාමරය පුරාම පින්තූර බොහෝමයක් අලවලා...නිකන්ම පින්තූර නෙවෙයි.කොරියාවෙනුත් ඉන් පිටටත් ප්‍රසිද්ධ ගායකයෝ ,සංගීත කණ්ඩායම් වල පින්තූර ටේහ්‍යුන්ගේ කාමරය පුරාම දකින්න පුලුවන් උනා....

මේ කාමරයේම පැත්තකින් වෙන්න ලාච්චු සහිත පුන්චි මේසයක් සහ එහි විසුරුවා හැරි ඇති පොත් පේලි කිහිපයකුත් තිබුනා.තවත් පැත්තකින් මේසය මතට පමනක් එලිය විහිදෙන ලාම්පුවක් සහ ඒ අසල පෑන් රදවනයක් දක්නට ලැබුනා..ඔහුගේ සියලුම පොත් මේසය මත තිබුනත් එක පොතක් පමනක් ලාච්චුවේ තිබුනා..පොතක් කිව්වට එය ටිකක් විතර පැරණි වු දින පොතක් ..ඒ දින පොත සමගම එය ලිවීම සදහා වූ පුන්චි පෑනකුත් ලාච්චුවේ තිබුනා.

දිනපොත කිව්වාම මිනිස්සු හිතන්නේ එදිනෙදා සිද්ද වෙන දේවල් අමතක වෙනවට ලියන්න එහෙම නැත්තන් කාලසටහන් ලියන්න වගේ දේවල් වලට තියන පොතක් කියල..ඔව් ඒ ඕනේම දෙකට දිනපොත විවෘතයි....................................
ඒත් ඇත්තටම දින පොත කියන්නේ එදිනෙදා වෙන දේවල් ලියන එකමද කියල වෙලාවකට මට හිතෙනවා..අපි හැමෝම ලේසියෙන්ම ඒ විදිහට නිර්වචනය කරත් අපේ ජීවිත කාලය පුරාවටම ඉන්න රහසිගතම යාලුවා තමයි දිනපොත කියන්නේ........................
කවුරුත් නොදකින තාක්කල් අපිට පුලුවන් දිනපොත එක්ක සීමාමායිමක් නැතුව හැමදේම බෙදාගන්න.අපිට දැනෙන උපරිම හැගීමේ ඉදලා පහත්ම හැගීම දක්වා දිනපොතේ ලියන්න පුලුවන් වෙන එක වාසනාවක්.කාලෙකට පස්සේ පරණ පිටු අස්සේ දකින්න පුලුවන් වෙන වචන වලින් සමහර වෙලාවට අපිම ද මේ කියල හිතෙන්නත් පුලුවන් .. මං හිතන්නේ එදිනෙදා වෙන දේවල් වුනත් අපිට දැනෙන දේවල් විශේශයෙන් තරුන වයසේ එන හැගීම් එක්ක අපේ ජීවිත වල වටිනම දේවල් දිනපොතට කියනකොට කවුරුත් අපිව අහන් ඉන්න ඕනේ නෑ කියලත් හිතට දැනෙනවා.මොකද කා ලගවත් දිග අරින්න බැරි හැඟීම් කතාකරගන්න බැරි කෙනෙක් ගාව බොහොම විශ්වාසයෙන් අත අරිද්දි ඇත්තටම හිතට දැනෙන්නේ අතේ තියන් හිටපු කලු ගලක් බිමින් තිබ්බා හා සමාන හැඟීමක්............

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕃𝕠𝕧𝕖𝕣𝕤 💜️ᏖᏦ💚 - [Completed]Where stories live. Discover now