Chapter 15

1.1K 210 3
                                    

Eli's pov.
-
-
-
-
-
"එලීසාආආඅ පාආආආආඅක්."

දෙයියනේ කියලා පුටුවෙන් වාඩිවුන ගමන් මගේ බොස් කියන එකා ආයෙත් මගේ නම කියල බෙරිහන් දුන්නා.අද දවසට මේ 141125 වෙනි වතාව වෙන්න ඕනෙ.

මන් බොහොම අමාරුවෙන් කේන්තිය පාලනය කරගෙන නැගිටලා ගියේ ජන්ග්කුක්ගෙ කැබින් එකට.එයාගෙයි මගෙයි කැබින්ස් වෙන් වෙලා තිබුනේ තනි වීදුරුවකින්.

"සර් කතා කලාද?"

"කතා කලාද අහන්නෙ.මන් තමුසෙට කිව්වා නේද මේ ෆයිල්ස් ටික චෙක් කරලා හරි වැරදි බලන්න කියලා.එතකොට මේ බිල්ස් ඩේට් පිලිවෙලට හදන්න කියලා.තමුසේ මේ එකක්වත් කරන්නෙ නැතුව තියලා තියෙන්නෙ මට කරන්නද ආහ්."

ජන්ග්කුක් ගිරිය යටින් කෑගැහුව.හැමදේම වෙන්නෙ හොදටලු.කව්ද ඒක කියපු මෝඩ මූසලයා.අහු උනොත් මන් කෑලි වලට කපලා සුප් එකක් හදලා බොන්න දෙනවා මේ හෝතම්බුවටම.

"සර් මන් ඔය ෆයිල්ස් චෙක් කරන ගමන් ඉද්දි තමයි සර් මට කිව්වේ අකවුන්ටින් සෙක්ශන් එකෙන් ගිය අවුරුදු වල අකවුන්ට් ෆයිල්ස් අරන් එන්න කියලා.ඒ ආවාම සර් ආයෙ මාව යැව්වා කොෆී එකක් හදන් එන්න කියලා.ඊට පස්සේ ඒක ගෙනාව ගමන් සර් කිව්ව මිස්ට ලී ට මීටින් එකට අදාලා ප්‍රොජෙක්ට් එක මේල් කරන්න කියලා.ඒකත් කරලා ඉවර උන ගමන් සර් මට කිව්වා මේ සතියේ යවන්න තියෙන සාම්පල්ස් වල කොලිටි චෙක් කරපු රිපෝට්ස් ගේන්න කියලා.ඒ ගෙනාව ගමන් තමයි සර් මේ දැන් මට එන්න කිව්වේ.ඉතින් මට වෙලාවක් ලැබුනේ නෑ."

මන් කියාගෙන ගිහින් ඉවර කරද්දි පොර නහයෙනුත් පිබ පිබ මන් දිහා බලන් ඉන්නවා.කන් දෙකෙන් දුනුත් දානවද මන්ද.අනේ මන්දා මගෙත් හිත ගියානෙ ඉදල ඉදලා මේ වගේ එකෙකුට.😒

"දැන් එතකොට තමුසේ කියන්නෙ මේක මගේ වැරද්දක් කියලද ?"

ඔව්.පැහැදිලිවම ඔව් 🙂

"නෑ සර් මන් එහෙම එකක් නෙවෙයි කියන්නෙ."

"ආයිශ් මගේ යකා අව්ස්සන්නෙ නැතුවා යනවා මේවා චෙක් කරලා ගේනවා."

ජන්ග්කුක් ෆයිල්ස් ටික පෙන්නලා කියද්දි මන් ඒ ටික අරන් යන්න හැරුනා.

"ඒ වගේම ඊලග දවසේ ඇදුමක් අදිද්දි ඔයිට වඩා දිගට අදිනවා.මේ ඔෆිස් එකේ අදින්න ඕනෙ විදිහක් තියෙනවා."

ජන්ග්කුක් කැගහද්දි මන් බනින්න බැරි කමට හිනාවෙලා එතනින් යන්න ගියා.

"සනා.මන් තමුසෙව මරනවා."

To be continued.

My Runaway Partner 🚷⚠️️                                             [Completed]Where stories live. Discover now