Chapter 1

8 7 2
                                    

මම ඉක්මනට ම යුනිෆෝර්ම් එක ඇඳගෙන පහලට ආවා. ඔම්මා එයාගෙ බෑග් එකත් තියාගෙන සෝෆා එකේ ඉඳගෙන මොනවාහරි වැඩකට නැති දෙයක් බලනකොට මම ඉක්මනටම ඩයිනින්ග් ටේබල් එක ගාවට ගිහින් මගේ ලන්ච් බොක්ස් එක අරගෙන බෑග් එකට දාගත්තා.

_අදත් අප්පා වේලාසනින් ගිහින්._

" ඔම්මා අපි යමු "

ඔම්මා මගේ දිහා එක පාරක් බලලා සෝෆා එකෙන් නැගිටලා ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඔම්මා සෝෆා එකෙන් නැගිටලා යනකන් ඉඳලා මමත් ඉක්මනට සෝෆා එක ගාව ඉන්නේ නැතුව ඔම්මාගේ පිටිපස්සෙන්ම කාර් එක ගාවට ගියා.

ඔම්මාට ඩ්‍රයිවර් අන්කල් ඩෝර් එක ඇරලා දෙනකොට ඔම්මා ගුඩ්මෝනින් කියාගෙන බැක් සීට් එකෙන් ඉඳගන්නකොට මට වුනේ එහාපැත්තෙන් නගින්න. ඩ්‍රයිවර් අන්කල් වාහනේට ඇවිත් වාහනේ පාරට දානකොට ඔම්මා ෆෝන් එක අරන් ආයෙත් ස්ක්‍රොල් කරන්න ගත්තා. මටත් දැන් දාසුල් එක්ක චැට් කරන්න හිතුනත් ඔම්මාගේ ෆෝර්මලිටීස් ගැන හිතලා මම එහෙම කලේ නෑ.

_ඔම්මාගේ ෆෝර්මලිටීස් මට විතරද ?_

හැමදාම ඔම්මා මට කලින් බහින නිසා මම ඔම්මා ඉන්න ටිකේ විතරක් ෆෝන් එක සයිලන්ට් කරගෙන හිටියාට ඔම්මා බැහැලා ඔම්මා මට කිස් එකක් දීලා කම්පනි එක ඇතුලට යනකන් ඉඳලා මම ෆෝන් අතට අරගන්නවා.

_ඔම්මා කොහොමද දැනගන්නේ මම ෆෝන් එක ගත්තා කියලා_

මම අදත් ඒ වගේ ඉවසගෙන හිටියේ ඔම්මා බහිනකන් විතරයිනේ කියලා. ටික වෙලාවක් යනකොට අපි ස්⁣කෝර්ඩ් ඇවෙනියු එකෙන් මේන් රෝඩ් එකට ආවා. ඩ්‍රයිවර් අන්කල් වේගෙන් යනකොට මම හිතුවේ ට්‍රැෆික් එකට අහුවෙන නිසා එහෙම යනවා කියලා වුනත් ඩ්‍රයිවර් අන්කල් අන්තිමට හයිබ් එකත් පාස් කරගෙන ගියා. මම ඔම්මාගේ මූණ බැලුවේ ඇයි කියලා අහන්න වුනත් ඔම්මා මගේ දිහා බැලුවේවත් නෑ.

මට එතකොටම හිතුනේ ඔම්මට ස්කූල් එකෙන් කෝල් කරලාද කියලා. ඒත් මම කිසිම වැරැද්දක් කරලා නෑ කියලා මගේ හිත දන්නකොට මට බයවෙන්න කිසිම හේතුවක් නෑ කියලා මගේ හිත මට කිව්වා. ඒත් මම බැරි වෙලාවත් වැරැද්දක් කරලා ඇති කියලා මගේ හිත කියනකොට මගේ බය වැඩිකමට ඒසී එක දාලා තියෙද්දිත් මට දාඩිය දාන්න පටන් ගත්තේ මුලු ශර්ට් එකම තෙත් කරවලා. ඔම්මා දකී කියලා මම තව තවත් බය⁣වෙනකොට මගේ ඇඟෙන් තවත් දාඩිය දානවා කියලා මට කිසිම වෙලාවක මොලේ කිව්වේ නෑ.

යුනිවර්සිටි එකේ ගේට් එක ඉස්සරහින්ම කාර් එක නවත්තනකොට මම ඔම්මා දිහා බැලුවා. ඔම්මා කලින් වගේ මගේ දිහා බලන්නේ නැතුව හිටියොත් හොඳයි කියලා හිතුවා වුනත් ඔම්මා මගේ ⁣දිහා කෙලින්ම බැලුවා. මම ඔම්මා බහිනකන් බලාගෙන හිටියාට ඔම්මා කිව්ව දේ නිසා මම තේරුම් ගත්තා ඔම්මා යුනිවර්සිටි එකට එන්නේ නෑ කියලා.

"අද කාර් එක ඇතුලටම වෙලා ඉන්නද අදහස "

මම ඔම්මාට කිස් එකක් දීලා කාර් එකේ ඩෝර් එක ඇරලා කාර් එකෙන් බැස්සා. ඔම්මාට ආයෙත් මම බායි කියලා ඔම්මාගේ කාර් එක මාව පාස් කරගෙන යනකන් හිටියාට කාර් එක මාව පාස් කරගෙන නොයනකොට මම යුනිවර්සිටි එක පැත්තට ඇවිදගෙන ගියා.

මම ඇවිදගෙන ගිහින් කුලිනරි ඩිපාර්ට්මන්ට් එක ළඟින් නැවතුන් මගේ නොවන මගේ හ්යුන්ග් අද ඇවිල්ලාද බලන්න. ඒත් මිස්ටර් කෙන් විතරක් ඉන්නකොට මම ඇහුවා අද හ්යුන්ග් පේන්න නැත්තේ ඇයි කියලා.

" ජින් එන්න වෙලා යනවා. පොඩි එකා ගියොතින් හොඳයි. අද මෙහේ ලොකු වැඩක්. පැත්ත පළාතේ පස් පාගලා අහුවෙන්න එපා මට. හැබැයි එහෙම කරලා මම නරක මිනිහා කියන්නත් එපා. "

මම ⁣කෙන් හ්යුන්ග්ට ඇද කරලා ආවේ මේ මනුස්සයා මාව හම්බෙන හැමවෙලාවේම මට බනින්නේ පරණ තරහක් පිරිමහන්නද කියලා. එක්කෝ කෑමක් ගැන කියලා බනීවි. නැතතන් මේ අවුරුදු ගානක් හද්ද පරණ මොකාක්හරි කුණු ගොඩක් අවුස්සලා අරන් මට බනී. ඒත් බනිනවා කියලා ඔහොමත් බනින්න ඕනේද ?

_ජන්ග්කූක් ඔයා දවසක් මිස්ටර් කෙන්ගේ පීසා එකම තනියෙන් කෑවා._

මම කරපු පුංචිම පුංචි වැරැද්ද වෙනුවෙන් මෙච්චර ලොකු පනිශ්මන්ට් එකක් මට ලැබෙනකොට හැමදාම වැරදි කරන මැටි මෝල් ටේයුන්ට කිසිම කෙනෙක් මුකුත් කිව්වේ නෑ.

_ලබා උපන් හැටි ජන්ග්කූක් මේක._

ජිමින් හ්යුන්ග් මට ඉස්සරහින් යනකොට මම ඉක්මනට හ්යුන්ග් ගාවට දුවලා ගිහින් හ්යුන්ගේ පිටේ එල්ලුනා.

" යා ජන්ග්කුකා. තමුසේ මාව අඩු වයසින් මරන්නද යන්නේ ? "

" ගුඩ් මෝර්නින්ග් හ්යුන්ග් "

" හොඳ ගුඩ්. තව ටිකෙන් මම උදේ පාන්දරම ස්වර්ගයට යනවා. "
.

.

.

.
























To be continued...

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Aug 06, 2022 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

END | Jungkook Centric | Sinhala |Où les histoires vivent. Découvrez maintenant