04 ~

177 37 6
                                    

එයා එනකං බලාගෙන හිටපු මම අද එයාගේ සොහොන ළඟ දනින් වැටිලා අඩනවා... අපේ ජීවිත වලට උරුම උනේ දුකම විතරයි ටේ හ්‍යුන්ග් ඔප්පා. අපි හීන මැව්ව ලස්සන ලෝකෙ අපිට හිමි නැතුව ඇති.

ඔයාගෙයි මගෙය් ඒ ලස්සන හීන ඔයාගෙයි මගෙයි පුංචි ලෝකෙ අද එක නිමේෂයකින් විනාස වෙලා නේද...

ඇයි මාව තනි කරේ ඔප්පා. ඇයි ඔයා යන්න ගියේ. අපේ දරුවට පාළු නිසාද එයාගේ අප්පා එයා ළඟට ගියේ. ඔයාලට මං නැතුව පාළු නැද්ද....

මට අඩන්න ඕන ඔප්පා. අඩලා අඩලා මගේ හුස්ම හිර වෙනකං අඩලා මැරිලා යන්න ඕන...

ආදරය ලබන්න ආදරය හිමි කර ගන්න ඒක විදින්න අපි අසමත් වෙනවා සමහර වෙලාවට....

ආදර කතා වල ලස්සනම පරිච්ඡේද වගේම හැගීම් බර පරිච්ඡේද නොඅඩුව තියෙනවා.....

හරියට මේ කතාවේ වගේ...

ටේ හ්‍යුන්ග් ගෙන් සෝහිට...

මැණික ඔයාට පාළුද රත්තරං.. මට සමාවෙන්න සෝහියා. මම මහා පව්කාරයෙක්...
මම ඔයාව එදා තනි කළා. මගේ දරුවා එක්කම ඔයාව අසරණ කළා.
මාව ඕනම වෙලාවෙ මම ඔයා ළඟ හිටියේ නෑ...

මට සමාවෙන්න වස්තුවේ... මේ කාලකණ්ණි ලෙඩාට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි කියලා හිතුවා මැණික... අපේ පැටියට එයාගේ ඔම්මාව වගේම අප්පවත් ඕනේ.
මම යනවා අපේ දරුවා ළඟට.
මම යනවා කූඩුවෙන් නිදහස් වෙලා. හැමදාම මැරි මැරි ජීවත් වෙනවට වඩා ඒක මට හොඳයි...

මරණය ~

මරණය කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්.
ඒකට මුහුණ දෙන්න අපි හැමෝටම වෙනවා....

කවදාවත් මේ හිතේ තියෙන ආදරය වෙන කෙනෙක් නමින් නොලියවේවි.
මේ හදවත ගැහෙන්නේ ඔයාට විතරයි කිම් සෝහි.....

❤️

කදුළු වැල් එක පිට එක සෝහිගේ කම්මුල් දිගේ ගලාගෙන යද්දි එයාට ජීවත් වෙන්න තවත් හේතු නැති උනා....

එක පාරටම හුස්ම හිර වෙනවා වගේ දැනෙද්දි පපුව කෑලි කෑලි වලට කැඩිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දි එයා පපුවත් අල්ලගෙන බිමට නැවුනේ හැගීම් විරහිතව...

සෝහි ජීවත් වෙයිද?

කවදාවත් නෑ.

දැන් එයාව සනසන්න කෙනෙක් නෑ.
එයා ආදරය කරන කෙනා නෑ...
මුළු ජීවිතේම අහිමි වීම් එක්ක ජීවත් උන එයා තවත් ජීවත් වෙන්න පොර බදින්නේ නෑ....

පපුව හිර වෙලා එයාව බිමට කඩාගෙන වැටෙද්දි කිම් ටේ හ්‍යුන්ග් ගේ සොහොන ළඟම කිම් සෝහි එයාගේ අවසාන හුස්ම පොද හෙලුවේ වේදනාත්මක හැගීමක් ඇති කරමින්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සමහර ආදර කතා ගොඩක් ලස්සනට ඉවර උනොත් මේ කතාවට දුක්කිත අවසානයක් හිමි වෙනවා....

අපි කවදා හරි ආදරය කරනවා. අපි ලස්සන ජීවිත ගත කරනවා. ඒත් අපි අනිවාර්යෙන්ම මේ ලෝකේ අතෑරලා දාලා යනවා. 💔😭

අපි ආදරය කරන්න ළඟින්ම ඉන්න ඕනද.....

සමහර විට උත්තරය නෑ කියන එක....

ටේ හ්‍යුන්ග් ට වගේම සෝහිට ඊළඟ ආත්මේ එයාලාගේ ආදර කතාවට ලස්සන ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු..

සතුටු හිතෙන අවසාන වලට වඩා දුක හිතෙන අවසාන අපේ හදවත ස්පර්ශ කරනවා.

මේ ඒ කතාවේ හදවත ස්පර්ශ කළ අවසානය.

The End 💗

𝚃𝙷𝙴 𝙳𝙴𝙰𝚃𝙷 [ 𝙺𝚃𝙷 ] ✔️Where stories live. Discover now