✫° ⋆✩. • ° ⋆┊04✫┊° ⋆ ✯. • ° ⋆

574 164 8
                                    

"ඇත්තමයි ජිමින් ඔයා නිකන් බබයිගා යකින්නගෙ නංගිගෙ දුව වගේ.."

ජින් කණ්ණාඩිය ඉස්සරහ ඉඳන් ඉන්න ජිමින්ගෙ මේකප් රිමූ කරන ගමන් හිටියෙ.

"මං හිතුවෙ ඔයා මේ විකට ඇඳුම් තරඟෙකට යන්න හදන්නෙ කියලා.."

නම්ජූන් ලඟ තියෙන කවුච් එකක ඉඳන් හොබීට වතුර ඉස්සා.ටේ එක්ක හොබීව බොහොම අමාරුවෙන් ඔතනින් උස්සලා තියා ගත්තෙ.ටේ නම් ෆෝන් එකේ මූණ ඔබන්..

"වෙලාවට හිතෙනවා ජින් හියෝන් මේ වැඩේට කෙල්ලෙක්ම හොයා ගත්තා නම් හරි කියලා.ජිමින්ට ඇත්තටම කෙල්ලෙක් වගේ හැසිරෙන්න බෑ.අපිව අහු වුණොත් වස විළි ලැජ්ජාවයි..බලන්න එයාගෙ ලස්සන එක්ක ජිමින්ට හැරෙන්නවත් බෑ.. "

ටේ එයාගෙ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ජින් දිහාට දික් කරන ගමන් කියවද්දි ජින් නම් නිකමටවත් ඒ දිහා බැලුවෙ නෑ.

"ඔයාට ඕනි ටේ ඔයා එක්ක තරහ වුන එකට සොන්හීට ජෙලස් හිතවන්නනෙ.ඉතිං ඒකට එකපාරටම ලස්සන කෙල්ලෙක් හොයා ගන්න ඔයාට බෑ.ජිමින් වැඩේ ලස්සනට කරයි ඔන්න බලන්නකො.. අපේ මිනී ලස්සනයි ඔය හැමෝටම වඩා."

ජින් අලුතින් ජිමින්ගෙ මේකප් එක දාන්න ගත්තා..ටේ මූණත් නරක් කරන් ආයෙ ෆෝන් එකේ මූණ ඔබා ගත්තෙ කලිනුත් ඔය ගැන කතා කරලා තියන නිසා.

එක අතකට සොන්හී තමා කොලේජ් එකේ ලස්සනම කෙල්ල.ඉතිං එහෙම එකේ කා එක්ක සෙට් වුනත් ඒක සොන්හීට දැනෙන්නෑ..ටේට ඕනි වුනේ සොන්හීට ඊර්ෂ්‍යා හිතවලා ආයෙමත් එයා ගාවට ගන්න.

"ඒත් හියෝන් ජිමින්වම ඇයි....."

ටේ ආයෙ ටිකකින් නහයෙන් අඬන්න ගත්තා.

Ꮆ闩㇄闩〤丫 🝗丫🝗丂 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now