new father

233 47 1
                                    

ටේ හ්‍යුන්ග් එයාගේ ඔම්මා එක්ක අළුත් අප්පව බලන්න යන ගමන් හිටියේ.... ටේ හ්‍යුන්ග් දැන් ගොඩක් දුරස් වෙලා මිස්ටර් කිම්ගෙන්. නෑ එයා දැන් මිස්ටර් ජියෝන්ස් කිම්...

ජියෝන්

ටේ හ්‍යුන්ග් වෛර කළා ඒ නමට.... මොකද කිම් වූෂික් තරං හොඳ අප්පා කෙනෙක් ටේ හ්‍යුන්ග් ට මේ ලෝකේ නෑ....

" බෙයා.... මොකද මේ මූණ එල්ලගෙන... හිනා වෙන්නකෝ පුතේ.... "

" මං මොකටද හිනා වෙන්නේ.... මගේ අම්මා මෙච්චර ඉක්මනට අප්පව අමතක කරයි කියලා හිතුවේ නෑ ඔම්මා... ඔයා කොහොමද වෙන පිරිමියෙක් ළඟ සැනසෙන්න හිත හදා ගත්තේ... "

ටේ හ්‍යුන්ග් ට තේරුනේ නෑ ඒ වචන එයාගේ ඔම්මට සැර වැඩී කියලා...

" බෙයා... ඔයාට තෙරෙන්නෑ පුතා... ගෑනු අපිට මේ ලෝකේ කරදර වැඩී.... බෙයාගේ අප්පාට තරං වෙන කාටවත් මම ආදරේ නොකරාවි.. ඒත් මම ඔයා වෙනුවෙන් තව අවුරුදු පහක්වත් ආරක්ෂිතව ජීවත් වෙන්න ඕන පුතා... ගෑනියෙක් තනිවෙනවා කියන්නේ තියුණු ඇස් දාහකට මැදි වෙනවා වගේ... ගෑනියෙක් ගේ ආරක්ෂාව නැති කරන්නෙත් පිරිමියෙක් ඇති කරන්නෙත් පිරිමියෙක්.... ඔයාට ඒක තේරෙයි බෙයා.....

ජියෝන් අප්පා ගොඩක් හොඳ කෙනෙක් බෙයා.... ඔයාට ලොකු ආදරයක් දෙන්න එයා දැනටමත් ලෑස්ති... "

" එයා මගේ අප්පා උනත් ජියෝන් ට මගේ කටින් අප්පා කියන වචනේ පිට නොවේවි ඔම්මා. "
















To Be Conducted.. 💚💜

𝚄𝙽𝚁𝙴𝚀𝚄𝙸𝚃𝙴𝙳 𝙻𝙾𝚅𝙴 [ 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ] ✔️Where stories live. Discover now