1 🌻

492 87 20
                                    

"බුදාම්මෝ මාව බේරගනියෝ.....කවුරුත් නැද්දෝ....පපා මාව මරන්න හදනවා.......දෙයියනේ......කවුරුත් නැද්දෝ......බේරගනියො..........ඩඩා මාව බේරගනියො...අයියෝ මට දත් මදින්න බෑ අයියෝ....ශර්ලෝ ආන්ටි අයියෝ ඔයාගෙ බෙයාව පපා මරන්න හදන්නෙ...බේරගන්න...."

"කිම් ටේහ්‍යුන්.....................නවත්තගන්නවා කෑ ගැහිල්ල. වටේපිටේ මිනිස්සු ඔක්කොම ගෙදරට ගෙන්න ගන්නද හදන්නෙ."

ඔයාට ඔය දෙබස් ටික ඇහුනා කියන්නෙ දැනගන්න දැං වෙලාව උදේ 7යි. මම ශර්ලෝ මම ජීවත් වෙන්නෙ කිම් ෆැමිලි එකට අයිති ගෙදර උඩ තට්ටුවේ. ඉතින් ඔයාලට ඔය ඇහුනේ මගේ එලාම් එක. හැමදාම ඔය වගේ එලාම් එකකින් ඇහැරෙනවා කියන්නෙ ඉතින් කොච්චර වාසනාවක්ද නේද ?

කිම් සොක්ජින් , කිම් නම්ජුන්ගෙ පුතා සහ පාර්ක් ජිමින් ගේ නිවුන් සහෝදරයා කිම් ටේහ්‍යුන් තමා ඒ එලාම් එක. පුංචි කොටි පැටියෙක් වගේ ඉන්න ටේහ්‍යුන්, පාර්ක් ජිමින්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දරුවෙක්. පාර්ක් ජිමින් කියන්නෙ දිලිසෙන ලොකු ඇස් තියෙන මාස්මෙලෝස් එකක් වගේ හුරතල් රෝස පාට බෝලයක්. තාමත් වයස අවුරුදු 7ක් උන මේ දෙන්නට අවුරුද්දක් බාල පුංචි මල්ලි ජංකුකී නැත්තන් ජියොන් ජංකුක්, තනිකරම නිශ්ක්‍රීය කරපු බෝම්බයක් වගේ. හාවෙක් වගේ දත් තියෙන අහිංසක ඇස් තියෙන බෝම්බයක් මවාගන්නකො.

එකම පවුලෙ නං ඇයි වාසගම් 3ක්......ඕ ඔයාට එහෙම හිතුන එකට මම පුදුම වෙන්නෙ නෑ. ජින් හ්‍යුන්ට අනුව එයාට ඕනෙලු වාසගම් 3කින් පරම්පරා 3ක්. ඉතින් ඒ හින්දා එයා බබාලා 3 දෙනාට වාසගම් 3ක් දාලා. ඒත් ඕක ජින් හ්‍යුන් ගෙන් අහන්න යන්නෙපා ඔයාගෙ ආයෙත් කන් ඇහීමේ සම්බවිතාවය ගැන මට වග කියන්න බෑ.

ඉතින් මම ජීවත් වෙන්නෙ පුංචි කරදරකාර දගකාරයො 3 දෙනෙක් එක්ක. 3ක්.... අපෝ නෑ සමහර දාට ඒක 4ක් නැත්තන් 5ක් වෙන්නත් පුලුවන්.

මේ පවුලෙ 4 වෙනි අත දරුවා ජන්ග් හෝසොක්, නැත්තන් ජූන් හ්‍යුන් ගේ හොදම යාලුවා. හෝසෝක් කියන්නෙ තනිකරම ප්‍රශ්න පත්තරයක් සහ අවුල් ජාලයක්. හැබැයි කොච්චර ප්‍රශ්න තිබුණත් මනුස්සය හැමදාම නානවා සහ හිනාවෙලා ඉන්නවා. 5 වෙනි සාමාජිකය තමා ජිමිනි ගෙ යුන්ගි නැත්තන් ජිමිනිගෙ පූස් හ්‍යුන්. අවුරුදු 16ක් උන මින් යුන්ගිගේ පවුල තමා කිම් පවුලේ අසල්වැසියන් උනේ.

.
.
.
.
.

A/N
මේක එහෙම කිසි ගතියක් නැතුව ඇති. පමූ නංගි ට උන පොරොන්දුව හින්දාම මම මේක පොඩි චැප්ටර්ස් ගානකින් ලියලා ඉවර කරන්න හිතන් ඉන්නෙ. එහෙනන් හම්බෙමු ආයෙ..බායි.

TRIPLE BLASTER (Complete)Where stories live. Discover now