EP17

425 94 27
                                    

Xiao Zhan's Pov:

"ඒ උනත් zhan zhan, ඒ හදට ආදරේ කරන අය අතරේ සමහර අය ඉන්න පුලුවන් තරු වලට වගේ තනිකම දැනෙන, ඒ වගේම හදේ ආදරේ බලාපොරොත්තු වෙන"

මන් ඒ එක්කම යීබෝ දිහා බැලුවා. එයා හිටියේ ලාවට හිනා වීගෙන.

යීබෝ කියන දේත් ඇත්ත හැබැයී..

"ඔයා කියන දේත් ඇත්ත තමයී..."

"මන් නම් කැමති හදට" යීබෝ එහෙම කියලා ආපහු අහස දිහාට ඔලුව හරවලා හද දිහා බලන් හිටියා.

"zhan zhan කිව්වා වගේම තරු හදට ආදරේ කරනවා වගේ තරු වලට හද ගොඩක්ම වටින කෙනෙක්. මොකද හදට තරු ගොඩක් තිබ්බට ඒ තරු ඔක්කොටම තියෙන්නේ එක හදයී නිසා.තරු හදට ආදරය කරන්න කරන්න හදෙන් තරු වලට දෙනවා අවස්ථාවක්
එයාලාගේ ජීවීතේ පුර්ණත්වයෙන් ලස්සනට දිලිසෙන්න.හද ආපහු ආදරේ කරත් නැතත් හදෙන් ලැබෙන එලියට කලගුණ සලකන්න තමයි තරු ලස්සනට රෑට දිලිසෙන්නේ. ඒ වගේම zhan zhan කිව්වා වගේ එයාලව දෛවයෙන් එකතු කරලා තිබ්බත් නැතත් තරු වලට පොඩි හරි බලාපොරොත්තු තියෙනවා තරු හද එලියෙන් ගොඩාක් ලස්සනට දිලිසුනොත් හදේ අවදානය ගන්න පුලුවන් වෙයි කියලා. තරු ඒ දේ ලබන්න වාසනාව තිබ්බොත් නම් දෛවයේ එකතු කිරීමක් විදිහට හදත් තරුවලට ආපහු ආදරේ කරන්න බැරි කමක් නෑ."

"තරු කොච්චර දුක් උනත් එයාලාට ඇත්තටම හදේ ආශිවාදය ලැබෙනවා වගේම එයලා ඒ දේ විදලා තියෙනවා, විදිනවා. එන්න එවෙලෙට එයාලා හිතන දේවල් ගොඩාක් ශක්තිමත් මොකද හද තරුවලට ගොඩක් වටිනවා වගේ හදට ගොඩක් ආදරේ කරන නිසා."

"හද නෑ කියන්නේ තරු වලින් වැඩක් නැ කියන එක. හද නැතුව කලුවට අහසේ කවුරු වෙනුවෙන් දිලිසෙන්නද?.. මමත් තරුවක් උනානම් මන් කරන්නෙත් හදට ආදරෙ කරන ගමන් එයාව ආරක්ශා කරන එක. ඒ නිසා මන් හදට ගොඩක්ම ආසයී වගේම මට හද ගොඩක්ම වටිනවා."

යීබෝ එහෙම කියලා ඉවර වෙලා අහස දිහා බලාගෙන ලාවට හිනා උනා. යීබෝගේ ඇස් හද එලියට මාරටම දිලිසෙනවා.

ඒ ඇස් මාරම ලස්සනයී.

ඇත්තටම මට කියන්න දෙයක් හිතාගන්න බැරුව හිටියේ. යීබෝ කිව්ව හැමදේම ඇත්ත. ඒ වගේම මන් ඒ කතාවට මාරම ආසයී.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now