අවසානය

9 5 1
                                    

                මිනිත්තු පහළොවක් පමණ ගත වී තිබිණ. බේරාගත් සිරකරුවන් සමඟ එඩ්විග් බලකොටුවේ ඉදිරි කොටසට පැමිණ සිටියේය. ඩේවින් ඔවුන් පිටුපසින්ම පැමිණියේ සෙබළුන් පැමිණෙනවාදැයි පිරික්සමිනි. ගින්න තියුණුව පැතිර⁣ගොස් තිබුණේ බිම් මහලේ සිරකුටි පෙදෙසේත්, දෙවනි මහලේ කොටස් කිහිපයකත් පමණි. සෙබළු කොටසක් ගින්න නිවන්නට උත්සහ ගද්දි, තවත් කොටසක් සිටියේ කවාකාර බැමි මතින් බලකොටුව තුළට පිවිසෙන්නට තනන ගෝත්‍රික මිනිසුන් හා සටන් කරමිනි.
      
              ඒ ගෝත්‍රිකයන් සිදුකරනුයේ සෙබළුන්ගේ අවධානය වෙනතකට යොමුකිරීම බව එඩ්විග් ට වැටහී ගියේ අනෙක් දිශාවකින් හිමින් සීරුවේ ඉදිරියට අදෙන ගෝත්‍රික මිනිසුන් දුටු නිසාවෙනි. ඩේවින්ට ඉඟි කළ එඩිවිග් හීන් සීරුවේ ඔවුන් පැමිණෙමින් තිබූ දිශාවටම ඇදිණි.

         " අප සමඟ පැමිණෙන්න..  අර දිශාවෙන් පිටතට යා හැකියි..."

            ඔවුන් අසලට පැමිණි එක් ගෝත්‍රිකයෙක් සෙමින් පැවසූයේ කවාකාර බැම්මේ එක් දිශාවකට අත දිගු කරමිනි. හිමින් සීරුවේ සිරකරුවන් පිරිස සමඟ සෙබළුන් නොමග යවා ඔවුහු බලකොටුවෙන් පිටතට පැමිණි පැමිණියහ.

      " ඔබලා දෙදෙනාට කෙසේ ස්තූති කරන්නද?.. අපේ ජීවිත ආරක්ෂා කළ ඔබලාව දෙවියන් ආරක්ෂා කරාවී..."

          බලකොටුවෙන් මිදී ආ ප්‍රීතියෙන් ඔල්වරසන් නගමින් සිටි සිරකරුවන් පිරිස එඩිවිග් හා ඩේවින් වෙත සිය ස්තුතිය පළකලහ.

       " ඔබ දෙදෙනා මේ ප්‍රදේශයේ අය නොවෙයි වගේ.. කෙසේ නමුත් අපේ සගයන් සහ අනිත් පිරිස බේරගත්තාට නුඹලාට අප ණයගැතියි...."

     " රෝවේශියානු අධිරාජ්‍යයට වහලුන් ලෙස මේ ගම්මාන වලින් මිනිසුන් ගෙන යාම නිතරම පාහේ සිදුවෙනවා... බොහෝමයක් දෙනා ජීවත්වන්නේ සැඟවීගෙන... දැන් රෑ බෝවීමට ආසන්නයි.. නුඹලාටත් අප රාත්‍රියේ සැඟවී සිටීමට ස්ථානයක් පෙන්වන්නම්.."

        සිරකරුවන් මුදවාගන්නට පැමිණි පිරිසෙන් ඉදිරියට ආ ගෝත්‍රික නායකයෙක් යැයි සිතිය හැකි අයෙක් එඩ්විග් හා ඩේවින්ට සිය ප්‍රණාමය පුද කරමින් පවසා සිටියේය.

කාල අසරුවා ⚔ Where stories live. Discover now