✴️Chapter 24✴️

397 73 37
                                    

"හොබී..මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."
පහුවදා කොලේජ් එකේදි නිදහසක් ලැබුන ගමන් ජිමින් හොබීව කතාවට අල්ල ගත්තා..

"මටත් වැදගත් දෙයක් කියන්න තියෙනවා.."හොබීත් ලස්සන හිනාවක් මූණේ තියාන කිව්වා..

"ඉස්සෙල්ල ඔයා කියන්න එහෙනම්.." ජිමින් කිව්ව..

"නෑ ඔයා.." හොබී කිව්වාම ජිමින් හුස්මක් පහලා දාලා කියන්න හැදුවා..

"ම..මට පොඩි ප්‍රශ්නයක් උනා.."ජිමින්ගේ මූණ පුරා අසරණ පෙනුම ඇදිලා ගියා..

"යාහ්..මට කියන්න එපා අරුන් දෙන්නා ඔයාව රැවැට්ටුවා කියලා නම්.." හොබී හැම වෙලේම කතාවට මැදින් පනිනව..

"පොඩ්ඩක් ඉඳපන්කෝ කියනකම් රෙද්ද.."

"හා හා..කියපන්කෝ.."

"බෙක්හ්‍යුන් මාව කිඩ්නැප් කලා..එ..එයා මට කරදර කරන්න හැදුවා හොබා.."

"වට් ද ෆ්ෆ්.." හොබීට ඒ ඇහුන දේ තේරුන් ගන්න වෙලා ගියා..ඊටත් වඩ හොබී හිටියෙ පුදුම වෙලා..
එක පාරට ජිමින් හොබීගේ ඇඟට පැනලා හොබීව බදාන අඬන්න ගත්තා..

"හරි හරි..ජිමිනා..අපි ඉන්නවනේ..දැන් මොකද උනේ කියන්නකෝ අඬන්නෙ නැතුව.." හොබී ජිමින්ගේ පිට අත ගාන ගමන් ඇහුවා..

ජිමින් සිද්ද වෙච්ච දේවල් ටික ටික විස්තර කලා..ජිමින් ටේගෙයි ජන්කුක්ගෙයි ආදරේ නිසා ඒ හැම අඳුරු මතකයක් ඈත් කරලා තිබ්බත් තමන්ගේ හොඳම යාලුවාට ඒ සිද්දිය විස්තර කරද්දි අඬන්නෙ නැතුව ඉන්න බැරි උනා..

හොබී හැමදේම අහන් ඉඳලා ආපව් ජිමින්ව වැලඳගත්තා..

"ඒ හැම දේම අමතක කරන්න ජිමින්..ඔයා කොච්චර ලකීද ඒ වගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්න..එහෙම දෙයක් උනා කියන එකත් ඔයා අමතක කරන්න.. හොඳද.."
හොබිට තේරෙන්නෙ නෑ ජිමින්ගේ හිත කොහොම හදන්නද කියලා.එයා හිතට ආපු හොඳයි කියලා හිතෙන හොඳම දේ කිව්වා..
අනික් අතට හොබී සතුටු උනා ජන්කුකුයි ටේයි ගැන..අන්තිමේට හරි ජිමින්ට හොඳම දෙන්නෙක් ලැබිලා..පොඩ්ඩක් ඕපපාතික නස්ගූනියෝ දෙන්නෙක් වගේ හිටියට ටේයි ජන්කුකුයි ජිමින්ට සෑහෙන්න ආදරෙයි කියලා හොබී තේරුන් ගත්තා..

As long as we are together..Where stories live. Discover now