Episode 18

1.2K 165 5
                                    

ජන්කුක්ගෙ තුරුලේ හඩමින් හිතේ කැකෑරෙමින් තිබුණ දුක බය කේන්තිය තරහ මේ හැමදේම ටික ටික පිට කරලා දාන්න ජේහිට පුලුවන් වුණා. දෑස් වලින් ගලා ගිය කදුලු වලින් ජැකට් එකට යටින් තිබුණ ටී ශර්ට් එක තෙත් වුණත් ඇයව නතර කරන්න ඔහුට ඕනි වුණේ නෑ. ඒ අමිහිරි මතකය අඩලා හරි මකා දානවා නම් ජන්කුක් ඒකට කැමති වුණා. මේ විදිහට ටික වේලාවක් යනකොට තම කදුලු වලින් සැනසීමක් ලබා ගත්ත ජේහි අකමැත්තෙන් වුවත් ජන්කුක්ගෙ උණුහුමෙන් ඈත් වුණා.

" දැන් හැමදේම හරි. බය වෙන්න එපා මන් ඉන්නවනේ"

ජේහිගේ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන ඒ දෑස් වල තිබුණ කදුලු පිසදමමින් කියූ ජන්කුක්ගේ ඒ සැනසිලිදායක වදන් ජේහිට ඕනවටත් වැඩියෙන් දැනුණා.

" හ්ම්.."

ජේහිට කියන්න පුලුවන් වුණේ එච්චරයි. නමුත් ජේහි හොදින් බව දැනගන්න ජන්කුක්ට එය ප්‍රමාණවත් වුණා. වූයොන්ගේ දැඩි ග්‍රහණය හා ඔහු සමග පොර බැදූ නිසා ජේහි ඇදගෙන හිටි  බ්ලව්ස් එකේ බොත්තම් එකක් දෙකක් ගැලවී සමහර තැන් වලින් ශරීරය නිරාවරණය වෙලා තිබෙන බව දැක්ක නිසා ජන්කුක් එයාගෙ ජැකට් එක ගලවලා එය ජේහිට ඇන්දුවා. ජේහි එතකොටයි ජන්කුක්ගෙ එක අතක මැණික් කටුවට ආසන්නව තුවාල වෙලා තියෙනවා දැක්කෙ.

" ඔයාගෙ අත..."

"ආහ්.... ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි"

ජන්කුක් එය ගනන් නොගෙන ජේහි දෙස බලා හිනා වෙලා ඇයව වාහනයට නග්ගලා ඔහුත් අනෙක් පසින් නැගලා වාහනය ඩ්‍රයිව් කරගෙන එතනින් පිට වුණා. ඔවුන් අතර මෙතෙක් වෙලා තිබුණ නිශ්ශබ්දතාවය බිදිමින් ජේහි කතා කලේ මේ ගෙදරට යන පාර නෙමෙයි කියලා තේරුණ නිසයි.

" අපි කොහෙද යන්නෙ"

" මට මේ හැමදෙයක්ම අදම දැනගන්න ඕනි"

ජන්කුක් ඩ්‍රයිව් කරන ගමන්ම පැවසුවේ ජේහි දෙසවත් නොබලා. ජේහිත් මුකුත් නොකියා ජනේලෙන් පිටත බලා ගෙන කල්පනා කරන්න වුණා. තවත් මේ දේවල් ජන්කුක්ට නොකියා ඉන්න බැරි බව ඇය දැනන් හිටියා. කොහොමත් මේ දේවල් කාටහරි කියන එකෙන් හිතට නිදහසක් වගේම හැමදේම අමතක කරන්නත් ලේසි වෙයි කියලා ඇය හිතුවා. ඇයට ඕනි වුණා ජන්කුක් කරපු හැමදේකටම ස්තූති කරන්න ඒත් කොහොමද කියන්න දැනන් හිටියෙ නෑ. එතකොටයි ජන්කුක්ගෙ අත තුවාල වෙලා තියෙන බව මතක් වුණේ.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now